Author: admin
-
පොලිසියේ රැසකට ස්ථාන මාරුවීම්!!
—
in Local Newsපොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදියි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී ජී එන් ඩබ්ලිව් ඩී තල්දූව, අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස මාරුකර තිබෙනවා. තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ ඩී ජී එල් ඒ ධර්මසේන මාරුකර යවා ඇත්තේ…
-
කෘඩියා ශාඛය ගැන ඇමති ප්‍රසන්නගේ ප්‍රකාශයට පරිසර සංවිධානවලින් විරෝධයක්!!
—
in Local Newsදැඩි කතාබහක් ඇති කළ කෘඩියා සෙලනිකා ශාක රට තුළ තවත් තිබීමට හැකි වුවත් ගම්පහ දාරළුව ප්‍රදේශයේ ඇති කෘඩියා සෙලනිකා ශාකය ලෝකයටම අතිශය වැදගත් බව පරිසර සංවිධාන පවසනවා. ඒ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙම ශාකය සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්. ඉකුත් සති අන්තයේදී අමාත්‍යවරයා කියා සිටියේ කෘඩියා සෙලනිකා එක් ශාකයක් පමණක් මෙරට ඇති බවට…
-
සීනී බදු වැඩි කරනවාට කැමතිද? ආණ්ඩුවෙන් ප්‍රශ්ණයක්!!
—
in Local Newsසීනි කිලෝ ග්‍රෑම් 01 සඳහා රුපියල් 50ක තීරු බද්දක් දැන් පනවනවාට කැමතිදැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් විපක්ෂයෙන් ප්‍රශ්ණ කරනවා. ඔහු ප්‍රකාශ කළේ සීනි සඳහා තීරු බදු අඩු කිරීමෙන් ජනතාවට කිසිදු බල පෑමක් සිදු නොවූ බවට විපක්ෂය කරන ප්‍රකාශ ප්‍රතික්ශේප කරන බවයි. රුපියල් 50ක්ව තිබූ සීනි සඳහා වූ තීරු බද්ද ශත විසි පහ දක්වා…
-
ආණ්ඩුව කඩිනම් මැතිවරණයකට සූදානම්!
—
in Local Newsපළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දීයි. කොට්ඨාස ක්‍රමය, සීමා නිර්ණය, පනහට පනහ, කාන්තා…
-
සීනි බදු වංචාවට එරෙහි ජවිපෙ FR පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට!
—
in Local Newsආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරිම තුළින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදුකිරීමෙන් රට වැසියන් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල්…
-
විපක්ෂයේ පෙරමුණක් ගැන රනිල් – රාජිත සාකච්ඡාවක!
—
in Local Newsවිපක්ෂයේ ඒකාබද්ධ පෙරමුණක් ගොඩ නැගීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න, පසුගියදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී තිබෙනවා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
-
ලොවපුරා හින්දු බැතිමතුන් අද මහා ශිවරාත්‍රි දිනය සමරයි!
—
in Local Newsලොව පුරා හින්දු බැතිමතුන් අද මහා ශිව රාත්‍රී දිනය සමරනවා. ඒ, ආධ්‍යාත්මික ශික්ෂණය උදෙසා උපවාසයෙන් හා නිදිවර්ජිතව රැය පහන් කරමින්. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් මහා ශිව රාත්‍රී දිනයේ ආගමික කටයුතුවල නිරත වන ලෙස සිය බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරන බවයි ජාත්‍යන්තර හින්දු සම්මේලනයේ ලේකම් රාමචන්ද්‍ර කුරුක්කල් බාබුශර්මාතුමන් කියා සිටියා. මේ අතර අදට යෙදී තිබෙන ශිව රාත්‍රී දිනය…
-
බන්ධනාගාරය තුළ රන්ජන් සමග සෙල්ෆි ගැසීමට මන්ත්‍රී හර්ෂණට අවසර දුන් නිලධාරීන්ට වැඩවරදී!
—
in Local Newsසිරදඬුවම් විඳින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් බැලීමට ගොස් ඔහු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාට අවස්ථාව දුන් බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා. හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා ඊයේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසා ඔහු සමග…
-
ඊයේ කොවිඩ් ආසාදිතයින් 344ක් සහ මරණ 05ක් වාර්තා වෙයි!
—
in Local Newsමෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 344 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වුණා.එත් සමඟ කොරෝනා මරණ 5 ක් ඊයේ වාර්තා වුණා. ඒ අතර හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක්ද වන බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.
-
ගුවන් හමුදා සංදර්ශනයට පැමිණි ඉන්දීය යානා ගැන අනාවරණයක්!
—
in Local Newsශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව ඉකුත් දා පැවැති ගුවන් සංදර්ශනය සඳහා එක්වූ ඉන්දීය ගුවන් යානා ඒ වෙනුවෙන් කිසිඳු මුදලක් අයකර නැතැයි මාධ්‍යවාර්තාකරු කළ සොයා බැලීමකදී අනාවරණ වුණා. එම සියලු ගුවන් යානා මෙම ගුවන් සංදර්ශනයට එක්කර ඇත්තේ ඉන්දියාවේ පරිත්‍යාගයක් ලෙසයි. ගුවන් සංදර්ශනයට සහභාගී වීම සඳහා ගුවන් යානා 22 ක් මෙරටට පැමිණියා. ඒ, ගුවන්…