Author: admin

  • යාපනයේ නගරාධිපති අත්අඩංගුවට

    යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් ඊයේ රාත්‍රියේදී පොලිස් ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යාපනය නගර සභාව විසින් පොලිස් බලකායක් පිහිටුවා ඔවුන්ට අතීතයේ තිබූ කොටි පොලීසියට සමාන අන්දමේ ඇදුම් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන්. නගරාධිපතිවරයා අත්අත්ඩංගුවට පත්වීමට පෙර මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියේ යාපනය නාගරික පොලිස් බලකායේ රාජකාරිය වන්නේ නගරය තුළ කැලි කසල දමන්නන් අධීක්ෂණය කිරීම,…

  • පිළිකා කාරක තිබේදැයි සොයන්න බෝතල් කළ පොල්තෙලුත් විශේෂ පරීක්ෂාවකට!

    මෙරටට ආනයනය කර ඇති පොල්තෙල් සාම්පල පරීක්ෂා කිරීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව බෝතල් කරන ලද ඇසුරුම් කළ පොල්තෙල් ද විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමටයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇත්තේ. මෙරටට ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13ක ඇෆ්ලටොක්සින් නම් පිලිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය ඉකුත්දා තහවුරු කළා.…

  • වෙළදපොලේ පොල්තෙල් පරීක්‍ෂාවට පාරිභෝගික අධිකාරිය සැරසෙයි!!

    වෙළදපොලේ පවතින පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන සහතිකයක් ලබාදිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ ඒ සදහා වෙළදපොලේ ඇති පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය සහිත පොල්තෙල් තොගයක් මෙරටට ආනයනය කිරීම හේතුවෙන් වගකිවයුතු පාර්ශව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවයි. මේ සම්බන්ධයෙන් මාධ්‍යවාර්තාකරු කළ විමසීමකදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ, පාරිභෝගික කටයුතු…

  • අන්තවාදී මත පැතිරවූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට!!

    අන්තවාදී මත පැතිරවූ හා අන්තවාදය සදහා මුදල් එකතු කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාතලේ සහ කාත්තන්කුඩි ප්‍රදේශවලදීයි. කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීන්ගේ සමීපතමයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා. සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සදහා කොළඹ…

  • LTTE යුද අපරාධ ගැන සාක්‍ෂි සහිතව සැකසූ වීඩියෝව ජාත්‍යන්තරය කළඹයි!!

    ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ එල් ටී ටී ඊ ය සමඟ සිදුකල තිස් අවුරුදු යුද්ධය සිරියාවේ හෝ මියන්මාරයේ අර්බුදයට සමාන කල නොහැකි බව ලන්ඩන් ඉනීශියේටිව්හි කැඳවුම්කරු නීතීඥ ජයරාජ් පළිහවඩන පවසනවා. ඔහු පෙන්වා දුන්නේ එල් ටී ටී ඊ සංවිධානය පරාජය වූ බව පිළිගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ස්ථිර සාමය සඳහා මගපාදන බවයි.කොටි සංවිධානය ශ්‍රී ලංකාව තුළ සිදුකල යුධ…

  • ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව යළි ඇරඹීමට සැලසුම්!!

    එක්දින සේවාව යටතේ ජාතික හැදුනුම්පත් ලබාගැනීමේ සේවාව යළි ආරම්භ කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මහජනතාව ඒකරාශිවීම් වැලැක්වීම සදහ එම සේවාව ඉකුත් සමයේ තාවකාලිකව නතර කෙරුණා.යම් පුද්ගලයෙකු ජාතික හැදුනුම්පත ලබාගැනීම සදහා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ දකුණු පළාත් කාර්යාලයට පැමිණීමට අපේක්‍ෂා කරන්නේ නම් දිනයක් හා අංකයක්…

  • ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග, නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීමයි – ජනපති!!

    ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග, නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රජය මේ වනවිට එම ක්‍රියාදාමය ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ජනාධිපති කාර්යයාලයේ ඊයේ පස්වරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා. ආනයනය කරන භාණ්ඩ මිල…

  • සජිත් – විමල් අතර හමුවක් ටිරාන් අලස්ගේ නිවසේදී!!

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය විමල් වීරවංශ අතර හමුවක් පසුගියදා සිදුව තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ නිවසේදීයි. මේ අතර, එක් – එක් ප්‍රධාන දේශපාලන පක්ෂ එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ පළාත් සභා මැතිවරණයට මුහුණ දීම සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරන්නේ. මේ අතර, ඩුබායිහි සිට මෙරටට ගෙන ආ…

  • දුම්රිය රියදුරන් සහ නියාමකයින් මැදියම් රැයේ සිට යළි වර්ජනයේ!!

    තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන්ගේ වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළි ආරම්භ කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය පැවුසවේ ඒ හේතුවෙන් සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි. කෙසේ වෙතත් කාර්යයාල දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ද පාලක මැදිරිය සඳහන් කළා. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය…

  • නීතිය විෂයක් ලෙස පාසල් විෂය මාලාවට!!

    නීතිය විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම අමාත්‍යාංශවල ඒකාබද්ධ උපදේශක කාරක සභා විශේෂ රැස්වීමේදීයි. එම අනුකාරක සභාවට රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ්…