Author: admin

  • ඔක්තොම්බර් මාසයේ අවුරුදු 18 ත් 30 ත් පුද්ගලයින්ට කොවිඩ් එන්නත!

    අවුරුදු 18 ත් 30 ත් අතර වයස් සීමාවල පසුවන පුද්ගලයින් සදහා කොරෝනා මර්දන එන්නත ලබාදීම ඔක්තෝම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මේ වනවිට වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ. මේ වනවිට මෙරට පුද්ගලයින් එක් කෝටි දහඅට ලක්‍ෂ…

  • බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළෙදසැල් ලබන 23 දක්වා වසා දැමේ!

    පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් බණ්ඩාරවෙල නගරයේ ව්‍යාපාර ස්ථාන සහ ආයතන වසා දමා තිබෙනවා. බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය පැවසුවේ ඊයේ රාත්‍රී 10 යේ සිට ලබන 23 වනදා තෙක් බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසැල් වසා දැමීමට සිය සංගමය තීරණය කර ඇති බවයි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල නගරයටද දැඩි තර්ජනයක් එල්ලවී ඇති බැවින් එම තීරණය…

  • සිව්වන දිනයටත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,000 සීමාව ඉක්මවයි!

    අඛණ්ඩව සිව්වන දිනයටත් මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,000 සීමාව ඉක්මවා ගියා. ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,435 ක්. ඒ අනුව මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 39,301 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ තවත් කොරෝනා මරණ 161 ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ථ කොරෝනා…

  • බස්නාහිර පළාතේ නීති දැඩි කරයි!

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන සියලු සෞඛ්‍ය මාර්ගෝපදේෂ මාලාවන් නීතියක් බවට පත් කරමින් ලබන සදුදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී දැන් පැවැත්වෙන හමුවකදී සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් බස්නාහිර පලාතේ…

  • බේස්ලයින් මාර්ගයේ කැළණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වැසේ!

    කොළඹට ඇතුළු වන බේස්ලයින් මාර්ගයේ කැලණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා කොටස තාවකාලිකව වසා දමා ඇති බව පොලීසිය පවසනවා. ඒ, අද අලුයම පහේ සිට ලබන සදුදා අලුයම 5 දක්වායි. එම කාලය තුළ මාර්ගය වසා තැබෙන්නේ කැළණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වූ කොළඹට ඇතුළුවීමේ මාර්ගය කාපට් ඇතිරීම හේතුවෙන්. මේ හේතුවෙන් කොළඹට පැමිණෙන රථ වාහන රියදුරන්ට…

  • “රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් නැහැ” – රාජ්‍ය ඇමති චන්න ජයසුමන

    සම්පූර්ණයෙන්ම රට වැසීමේ බලාපොරොත්තුවක් නොමැති බවත් නමුත් සංචරණ සීමාවල යම්කිසි ආකාරයක තවත් දැඩි කිරීමක් සිදුවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සාකච්ඡාව අවසන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි

  • දළදා මංගල්‍යයේ කුඹල් පෙරහැර අද!

    මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (13) දින වීථි සංචාරය කිරීමට නියමිතය. අද රාත්‍රී 07:18 ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර සංචාරය කිරීමට නියමිත බව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග මහතා සඳහන් කළේය. පවතින කොවිඩ් අර්බුදය හේතුවෙන් මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය ජන සහභාගීත්වයෙන් තොරව සිදු කෙරේ. පෙරහර මංගල්‍යය අද දිනයේ…

  • කොවිඩ් කාර්ය සාධක බළකාය තීරණාත්මක සාකච්ඡාවක!

    කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ තීරණාත්මක සාකච්ඡාවක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. ඒ අනුව එම සාකච්ඡාවේදී රට තුළ පවතින වත්මන් තත්ත්වය අධීක්ෂණය කර ගතයුතු ඉදිරි පියවර පිළිබඳව තීරණය කරනු ඇත. අද (13) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව ආරම්භ වී තිබුණි.

  • බන්ධනාගාරගත කළ බදියුර්දීන් රඳවන තැන ගැන තීරණය අද!

    රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දීන් අද දිනයේ PCR පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඔහු රඳවා සිටින වාට්ටුවට වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් පැමිණ මන්ත්‍රීවරයා PCR පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බවයි වාර්තා වුනේ. ඊයේ දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු මන්ත්‍රීවරයා මැගසින් බන්ධනාගාරයේ විශේෂ ස්ථානයක රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා. PCR…

  • කොරෝනා මෘත දේහ සඳහා නව භූමි ප්‍රදේශයක්!

    කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ නව භූමි ප්‍රදේශයක් තෝරා ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අදාල භූමි ප්‍රදේශය කොරෝනා මෘත දේහ භූමදානයට සුදුසු ස්ථානයක් ලෙස කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්යසාධක බලකායට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා මෘතදේහ භූමදානය සඳහා දැනට යොදාගනු ලබන්නේ මඩකලපුව…