Author: admin
-
මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇත්දැයි විමර්ශනයට පත් කළ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට
—
in Local Newsමානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් හා කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ පස්වරුවේ භාරදී තිබෙනවා. ඒ, එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ එච් එම් ඩී නවාස් විසින්. මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය…
-
ඉන්ධන නැතුව බස් සහ ත්‍රීරෝද රථ ධාවනයට ගැටළු
—
in Local Newsඉන්ධන හිඟය හේතුවෙන් බස් ධාවනයට ද අහිතකර බලපෑම් එල්ල වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා බස් හිමියන්ට වෙනත් ප්‍රදේශවලට යාමට සිදුව ඇති බවයි. පෞද්ගලික බස් කර්මාන්තකරුවන් තවත් ගැටළු රැසකට මුහුණපා සිටින බවත් ඊට විසදුම් ඉල්ලා ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ…
-
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස්
—
in Local Newsපාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණය අද නියෝග කරනු ලැබුවා.
-
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 17 වන විශ්වවිද්‍යාලය වව්නියාවේදී විවෘත වෙයි.
—
in Local Newsවව්නියා විශ්වවිද්‍යාලය අද නිළ වශයෙන් ආරම්භ කෙරුණා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. යාපනය විශ්වවිද්‍යාලයේ – වව්නියාව මණ්ඩපය, වව්නියාව විශ්වවිද්‍යාලය ලෙස නම් කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ ඉකුත් වසරේ ජූනි 08 වනදායි. විශ්වවිද්‍යාල පාලක සභාව පැවසුවේ වව්නියාව විශ්වවිද්‍යාලය මෙරට 17 වන විශ්වවිද්‍යාලය බවයි.
-
අද දිනයේ සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්!
—
in Local Newsඅද දිනයේ සිට ජනවාරි මස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 50% කට අවසර හිමිව ඇත. එළිමහන් ස්ථාන විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් උචිත බවයි නව…
-
කිරිපිටි කිලෝවක් රු.355කින් ඉහළට!
—
in Local Newsආනයනකික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රු. 1300කට සහ ග්‍රෑම් 400ක කිරිපිටි ඇසුරුමක මිල රු. 520කට අලෙවි කිරීමට කටයුතු කරනු ලබන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ප්‍රකාශ කර සිටිනවා. මෙම මිල ගණන් යටතේ කිරිපිටි ලබාදීමට කටයුතු කරනු ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම දේශීය කිරිපිටි නිෂ්පාදකවරුන්ට සිය නිෂ්පාදන වත්මන් මිල යටතේ පවත්වාගෙන යා…
-
ශිෂ්‍යත්වය හා උසස් පෙල විභාග කල් යන ලකුණු!
—
in Local Newsමේ වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමීමට සිදුවනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. ඔහු කියාසිටියේ කොවිඩ් වසංගත තත්ත්වය මත පාසල් වසා දැමීම හා ගුරු වර්ජනය ඊට හේතුව බවයි. රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මෙම අදහස් පළ කළේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
-
විදෙස් ශ්‍රමිකයිනගේ දූදරුවන්ට ලක්ෂ 873 ක ශිෂ්‍යත්ව!
—
in Local Newsවිදේශ රැකියාවල නිරත දෙමාපියන්ගේ දූදරුවන් සඳහා රුපියල් ලක්ෂ 873ක් ශිෂ්‍යත්ව ආධාර පිරිනමන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. 2020 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව ආධාර ලබාගැනීම සඳහා අයදුම් කළ සිසුන් සංඛ්‍යාව 3541 ක්. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් 1052 ද, සාමාන්‍ය පෙල සමත් සිසුන් 2084 ද, උසස් පෙල සමත් සිසුන් 405 ද ඒ අතරට…
-
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් දෙවන වටයේ වන්දි ලබා ගැනීමේ කටයුතු ඇරඹේ!
—
in Local Newsශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අනතුරට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළ දෙවන වටයේ වන්දි ලබා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිණී නීතීඥ දර්ශණී ලහදපුර මාධ්යවාර්තාකරු වෙත කියා සිටියේ තෝරාගත් කාල සීමාවකදී ගිය වියදම් මෙහිදී පියවා ගන්නා බවයි. නෞකාවේ අනතුරින් සිදුවූ සම්පූර්ණ අලාභය ගණනය කරන්නේ කෙසේ ද? ශ්‍රී…
-
අද රාත්‍රී 10 සිට දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය!
—
in Local Newsඅද (20) රාත්‍රියේ 10 සිට 30 වනදා අලුයම 4 තෙක් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති කොවිඩ් පාලනය පිළිබඳ කමිටු රැස්වීමේදී එම තීරණය ගත් බව ඔහු පැවසීය. එම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාහැකි බව හමුදාපතිවරයා වැඩිදුරටත්…