Author: admin

  • අද සිට ගුවන් ටිකට් පත්වල මිල ගණන් ඉහළට

    අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටින් නිකුත් කරනු ලබන සියලුම ගුවන් ටිකට් පත්වල මිල ගණන් සීයයට 27 කින් ඉහළ දමා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටිනවා. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පැවසුවේ අමෙරිකානු ඩොලරයේ වටිනාකම අනුව මෙම තීරණය ගෙන ඇති බවයි. ඊයේ දිනය දක්වා ගුවන් ටිකට් පත් වෙන් කිරීමේදී අමෙරිකානු…

  • ඉන්ධන මිල ඉහළ දමයි

    ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නැංවීමටයි එම සමාගම කටයුතු කර ඇත්තේ. ලංකා IOC සමාගම ඉකුත් මාසයේද ඉන්ධන මිල ඉහළ දැමුවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ දින 07 ක් තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 57 ක්…

  • නව රාජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දෙයි

    ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

  • ආනයන සීමා කිරීමෙන් මාසිකව ඩොලර් මිලියන 75 ක් ඉතිරි කළ හැකි බවට පුරෝකථනයක්

    අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම මගින් අවම වශයෙන් ඩොලර් මිලියන 75 ක පමණ මුදලක් මාසිකව ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබෙනවා.  කෙසේවෙතත් ඒ සදහා භාණ්ඩ වර්ග 600කට වැඩි ලැයිස්තුවක් සදහා බදු වැඩි කරන ලෙසයි මහ බැංකුව යෝජනා කර තිබුණේ. එහෙත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන…

  • රට නැවත ගොඩනගන්න පොදු ජාතික වැඩපිළිවලක් සැකසිය යුතුයි – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

    රට යලි ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලමක් දැමීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්විය යුතු බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සියලුම දේශපාලන පක්ෂ එක්වී ඉදිරි වසර 20 ක් 25 ක් වෙනුවෙන් වූ පොදු ජාතික වැඩපිළිවෙලක් සම්මත කර ගනිමින්, ඉන් අනතුරුව මහ මැතිවරණයකට යායුතු බව හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ. ජාතික…

  • විදේශගත ශ්‍රමිකයින් එවන ඩොලරයකට වැඩි මිලක්

    විදේශ ගතව සිටින ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවනු ලබන රුපියල් 10.00 දිරි දීමනාව ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදේශ රටවල සිටින ශ්‍රමිකයින් එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 38ක් ගෙවීමට තීරණය කර ඇත. මිට අමතරව අපනයනකරුවන් දිරි ගැන්විම සඳහා ලැබෙන අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 30ක් ගෙවීමට වෙළෙඳ අමාත්‍යවරයා…

  • මුදල් ඇමතිගෙන් විශේෂ ඉල්ලීමක්

    විදුලිය පිරිමැසීම වෙනුවෙන් මෙම මස 31 වැනිදා දක්වා සියලුම පළාත් පාලන ආයතනවල වීදි ලාම්පු අක්‍රීය කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. විදුලිය ඉතිරි කරගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි විකල්ප ක්‍රමවේද ඇත්නම් ඒවා ද ක්‍රියාත්මක කරන ලෙස ද මුදල් අමාත්‍යවරයා පාලාත් පාලන ප්‍රධානීන්ට වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ. දිනෙන්…

  • නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

    ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන වෙත උපදෙස් ලබාදී තිබෙනවා. අනාගත පරපුරට දැකගැනීම සඳහා නැදුන්ගමුවේ හස්තිරාජයාගේ සිරැර සංරක්ෂණය කරන ලෙස ද ජනාධිපතිතුමා විසින් දැනුම් දී ඇත්තේ. ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක්…

  • අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ඇතුළත් ලේඛණය ගැන තීරණය අද

    නම් කළ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුව අද දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ  සදහා අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය ලැබුණු පසු ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ. රට තුළ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600ක් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමටයි ඉකුත්දා තීරණය කළේ. කෙසේවෙතත් කාණ්ඩ…

  • “නැදුන්ගමුවේ රාජා” දැයෙන් සමුගනියි

    වසර ගණනාවක් පුරා ශ්‍රී දළදා වහන්සේ උදෙසාත් සතර මහ දෙවිවරුන් වෙනුවෙනුත් ජූපෝපහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍යය හිමිවූ නැදුන්ගමුවේ රාජා නම් හස්ති රාජයා අද අලුයම මියගොස් තිබෙනවා. අවුරුදු පහක් තරම් වූ කුඩා වයසේදී ශ්‍රී ලංකාවට රැගෙන ආ  “නැදුන්ගමුවේ රාජා” 2006 වසරේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සාධාතුක කරඬුව…