Author: admin

  • බැසිල් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමේ සුදානමක

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව වාර්තා වනවා.  ඔහු සමඟ ආණ්ඩුවට සම්බන්ධ ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද ඉල්ලා අස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.  21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට සහය ලබාදීමෙන් පසු ඔවුන් එම තීරණය ගැනීමට සූදානමින්…

  • ඉදිරියේදී ඉන්ධන බෙදා හැරීමත් ප්‍රමුඛතා ක්‍රමවේදයකට

    ඉදිරි මාස 06 තුලදී ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය විදේශ සංචිත ප්‍රමාණවත් අයුරින් රට තුල නොතිබීම නිසා ඉන්ධන නිකුත් කිරීමේදී යම් ප්‍රමුඛතාවයක් යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. ඒ අනුව ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝවල පිහිටි ඉන්ධන පිරවුම්හල් සඳහා ඩීසල් සැපයීම සිදුකොට ඒ හරහා රජයේ බස් රථ, පෞද්ගලික බස්…

  • රන්ජන්ට අත්හිටවූ සිරදඩුවම්

    අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් ගොනුකර ඇති දෙවැනි නඩුවට අදාලව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් වරද පිළිගෙන තිබෙනවා. ඒ එම නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී. ඒ අනුව අදාළ චෝදනාවට වරද පිළිගත් හිටපු මන්ත්‍රීවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 02ක සිර දඬුවම් නියම කළ අතර එය පස් වසරකට අත්හිටුවා තිබෙනවා.

  • ආරක්ෂක සෙබළෙක් දිවි හානි කරගනී

    දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතාගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබලකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන අද උදෑසන දිවි හානි කරගෙන ඇත. වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයේ ඉඩමකදී මෙලෙස දිවි හානි කරගෙන තිබේ.මියගොස් ඇත්තේ 22 හැවිරිදි වලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි යුද හමුදා සෙබලෙකි.දිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය…

  • අලුත් නැව එනතුරු අදින් පසු ගෑස් නැහැ

    අද දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 16,000 ක් පමණක් බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම තොගය කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට පමණක් බෙදාදීමටයි සැලසුම් කර ඇත්තේ. සිය සමාගම සතුව පවතින්නේ එම ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 16,000 පමණක් බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ. මේ හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු පෝලිම්වල රැඳී නොසිටින ලෙසටද ලිට්‍රෝ සමාගම…

  • මන්ත්‍රී පුතු සහ පොලිසිය අතර ඇතිවූ ගැටුම ගැන විමර්ශන ආරම්භ කර ඇත

    වීරකැටිය බැදිගම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමේදී පොලිස් රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරයේ යෙදුණු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වීරකැටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. මෙම සිද්ධියට සම්බන්ධ බව කියන රවිඳු වෙදාරච්චි නමැත්තා තංගල්ල නගර සභාපතිවරයකු ලෙස ද කලක් කටයුතු කළ අයකු බව පොලිසිය පවසයි. වීරකැටිය බැදිගම අධිවේගී…

  • පොහොර දෙන්න ඉන්දියාව එකඟ වෙයි

    යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟතාව පළ කර තිබෙනවා. ඉන්දීය ණය ආධාර යටතේ එම පොහොර තොගය මෙරටට ලැබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. අදාළ පොහොර තොගය මෙරටට ලැබී දින 20 ක් ඇතුලත බෙදාහැරීමටයි සැලසුම් කර ඇත්තේ.  වාරිමාර්ග ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ විසදුම් පිළිබඳ ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවති…

  • මත්පැන් මිල ගණන් ඉහළ දැමේ

    අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් තීරණය කර තිබෙනවා.  එතනෝල් මිල ගණන් ඉහළ දැමීම සහ වැට් බදු ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස මත්පැන් මිල ගණන් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

  • ආයිෂා දැරියගේ ඝාතකයා අත්අඩංගුවට

    බණ්ඩාරගම, අටලුගම 09 හැවිරිදි දැරිය ඝාතනය සිදුකළ බවට පාපොච්චාරණය කළ සැකකරුවෙකු අද දිනයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කර සිටිනවා. ඝාතනයට ලක්වූ දැරිය වෙළෙදසැලට ගොස් නැවත සිය නිවස බලා එමින් සිටියදී මෙම සැකකරු විසින් ඇයව කැඳවා ගෙන ගොස් ඇති බවයි මේ වන විට ලැබී ඇති තොරතුරු…

  • අද සිට වැසි වැඩිවෙයි

    පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සහ ඉදිරි දින කිහිපයේ අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.  බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි…