Author: admin
-
ඔක්තෝබර් 20න් පසු දවසට පැය 10ක් කළුවරේ ඉන්න වේවි
—
in Local Newsඔක්තෝබර් 20 වන දා යි න් පසුව පවතින ගල් අඟුරු අවසන් වන බැවින් සැපයුම්කරුවන් ගල් අඟුරු සැපයීම කඩිනමින් සිදු නොකරන්නේ නම් විදුලිය නිෂ්පාදනයේ දැවැන්ත කඩාවැටීමක් සිදුවන බවට ගල් අඟුරු සමාගම අනතුරු අඟවයි. තම ආයතනයට එල්ල වී ඇති චෝදනා නීත්‍යනුකූලව නිරාකරණය කරන තෙක් මෙරටට ගල් අඟුරු සැපයීමට නොහැකි බව අවම ලංසුව ඉදිරිපත් කර තිබෙන ඩුබායිහි බ්ලැක්…
-
රංගන ශිල්පී දමිතා අබේරත්න අත්අඩංගුවට
—
in Local Newsරංගන ශිල්පී දමිතා අබේරත්න ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බත්තරමුල්ල දියත උයනේදීයි. කොළඹ උතුර කොට්ඨාශයේ, කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ඇතුල්වීම හා දේපළ හානි කිරීම යන චෝදනා යටතේ එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අත්අඩංගුවට ගැණුනු රංගන…
-
ශ්‍රී ලංකාවේ ණය ගැන අමෙරිකාවෙන් ලැබුණු සහතිකය
—
in Local Newsශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහය ලබා දෙන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳීම සඳහා පැරිස් ක්ලබ් මූලධර්මවලට අනුව ආධාර ලබා දීමට සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අමෙරිකානු මූල්‍ය ආයතනවල සහය ලබා දීමට ද…
-
ලිට්‍රෝ ගෑස් මිල පහළට: නව මිල මෙන්න
—
in Local Newsඅද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට අදාළ නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 වර්ගයේ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.113කින් අඩු කර ඇති අතර නව මිල වන්නේ රු. 4551ක්. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 45කින් අඩු කර ඇති අතර නව මිල ලෙස සටහන් වන්නේ රු. 1827ක් ලෙසයි.…
-
ඩොලර් නැතිව බොරතෙල් නැවක් දින 8ක් මුහුදේ
—
in Local Newsබොරතෙල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් අඩංගු නැවකට මුදල් ගෙවාගත නොහැකිව දින 08 ක් තිස්සේ මෙරට මුහුදු සීමාවේ නවතා තබාගෙන ඇතැයි වාර්තා වේ. ඌරල් සමාගමට අයත් මෙම නෞකාව පසුගිය අගෝස්තු 23 වැනිදා මෙරටට පැමිණ ඇති අතර එම නෞකාවට මුදල් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඇමරිකන් ඩොලර් 75,000 ක් ගෙවීමට සිදුවී ඇතැයි ද තෙල්…
-
හිටපු ජනපති යළිත් දිවයිනට
—
in Local Newsහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට නැවත දිවයිනට පැමිණි බව අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කර සිටිනවා. හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියා. ඉකුත් ජුලි මස 09 වෙනිදා ඇතිවූ මහජන නැගටීමත් සමග ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින බලා ගිය අතර පසුව ජුලි මස…
-
ඩලස්ගේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගනී
—
in Local Newsශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේ සිට පාර්ලිමේන්තුවේදී ස්වාධීන පක්ෂයක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය ගුණපාල රත්නසේකර, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, උපුල් ගලප්පත්ති, තිලක් රාජපක්ෂ, කේ.පී.එස් කුමාරසිරි සහ ලලිත් එල්ලාවල යන…
-
සංශෝධිත අයවැය දෙවන වර කියවීම අද
—
in Local Newsරුපියල් බිලියන 4,672ක් වෙන්කළ සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (අගෝ. 30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. මෙම විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ වර්තන වියදම් රුපියල් බිලියන 2249ක් ද ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1809ක් ද වේ. එම අතුරු අයවැය ඉදිරි මාස 4 සඳහා ඉදිරිපත් කරනු ලැබේ. ඒ අනුව, අගෝස්තු 31 හා සැප්තැම්බර්…
-
ජය ඝෝෂා මැද රන්ජන් එළියට
—
in Local Newsඅධිකරණයට අපහාස කිරීමේ වරදට වසරයි මාස 7 යි දින 14ක් තිස්සේ සිරගතව සිටි ජනප්‍රිය රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (26 වැනිදා) සවස ජනාධිපතිවරයා විසින් ලබාදෙන ලද කොන්දේසි සහිත සමාවක් යටතේ නිදහස් කරන ලදී. නිදහස ලැබූ රන්ජන් රාමනායක මහතා පිළිගැනීමට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට දේශපාලනඥයන් කලාකරුවන් ඇතුළු අති විශාල ජනතාවක් රැස්ව සිටියහ.…
-
මෙරටට සහල් ආනයනය කිරීම වහා ම නතර කරන්න
—
in Local Newsමෙරටට සහල් ආනයනය කිරීම වහා ම නතර කරන ලෙස මහා පරිමාණ මෝල් හිමියන් ඇතුළු සහල් ව්‍යාපාරිකයෝ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගෙන් ඉල්ලීමක් කළහ. වී මිල දී ගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( අගෝ. 25) පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කළේ ය. දෙසැම්බර් මාසය වන තෙක් රට තුළ ප්‍රමාණවත් තරම් සහල් තිබෙන බව ද ඔවුහු එහිදී ඇමැතිවරයාට…