Author: admin
-
ගල් අඟුරු තොගයකට රජය අත්තිකාරම් ගෙවයි
—
in Local Newsනොරොච්චෝලේ බලාගාරයේ හදිසි ගල්අඟුරු අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරවල ටෙන්ඩර්වලින් ඉතිරිව ඇති ගල්අඟුරු තොග ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ, එහි පළමු නෞකාව සඳහා අත්තිකාරම් මුදල් ගෙවීම අද සිදුකළ බවය. ගල්අඟුරු සම්පූර්ණ අවශ්‍යතාව සපුරා ගැනීමට අදාළ දීර්ඝ කාලින ටෙන්ඩර් සහ අත්පිට…
-
විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවූ හේතුව ඇමති හෙළිකරයි
—
in Local Newsමෙරටට ආනයනය කරන ලද බොරතෙල්වල ප්‍රමිතිය පිළිබඳ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විසින් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නෛතිමය වශයෙන් ප්‍රතිචාර දක්වනු ඇති බවට විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එමෙන්ම ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඩීසල් සහ ඉන්ධන තෙල් තොග පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ. ලක්ෂපාන විදුලි…
-
ජීවිතයක් බේරීමට ගොස් දිවි අහිමිකර ගත් දෙදරු මවක්
—
in Local Newsඅසල්වැසි නිවසක සුරතලයට ඇති කරන බල්ලෙකු දුම්රියේ ගැටීම වැළැක්වීමට උත්සහ කිරීමේදී දුම්රියේ ගැටී බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ, 45 හැවිරිදි දෙදරු මවකි. ඇය පොළොන්නරුව, කදුරුවෙල, අංක 20 දරන ලිපිනයේ පදිංචිව සිටි වීරතුංග ආරච්චිගේ ඉරේෂා ප්‍රසංගනී නම් දෙදරු මවක මෙලෙස මිය ගොස් තිබේ. ඇය මෙම අනතුරට ලක්ව…
-
ජනපති දිවයිනෙන් පිටත්ව යයි
—
in Local Newsජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. ජනාධිපතිවරයා සමග 15 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එම සංචාරය සදහා එක්ව සිටි බවයි වාර්තාකරු පැවසුවේ. ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් තිබෙනවා. එතැන් සිට එම පිරිස…
-
විරෝධතාවයකට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්
—
in Local Newsසමාජවාදී තරුණ සංගමය විසින් කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ වී ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කළ විරෝධතා පාගමන වැළැක්වීම සඳහා පොලීසිය මෙලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය එල්ල කළ බවය. “අරගලයට නව ජවයක් – තරුණ…
-
Campus එකේ Rag කළොත් Blacklist
—
in Local Newsරාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නවක වධය කළ බවට ඔප්පු වන සිසුන් අසාදු ලේඛනගත කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන්ද්‍ර රාඝවන් පැවසීය. ඒ අනුව, වැරදිකරුවන් වන සිසුන්ගේ පන්ති තහනම් කිරීමට ත්, උපාධිය අවලංගු කිරීමට ත්, දේශීය විශ්වවිද්‍යාලයක අධ්‍යයන කටයුතුවලට ඉඩ නොදීමටත් පියවර ගන්නා බවද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය. ඊට අමතරව මොවුන්ට රජයේ රැකියාවක යෙදීමට නොහැකි වන…
-
මීගමුවේ ගණිකා නිවාසයක් වටලයි
—
in Local Newsමීගමුව, කුරණ ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියක සහ ගණිකා වෘත්තියේ යෙදීමේ අරමුණින් රැඳී සිටි බවට සැකපිට සැකකාරියන් 3ක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, ඊයේ (සැප්. 20) රාත්‍රී කාලයේදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබ ඇති බව ය.…
-
විදුලි බිලට විරෝධය පා පන්සල් කරුවලේ තැබීමේ යෝජනාවක්
—
in Local Newsඑළැඹෙන වප් පුන් පොහෝ දින විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා දායකයන් සමග එක්ව ඉහළ දැමූ විදුලි බිලට විරෝධය දැක්වීම සඳහා වන යෝජනාවක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මධ්‍යම පළාත් සංඝ සභාවට ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ රැස්වීම පෙරේදා (සැප්. 19) එම විහාරස්ථානයේදී පවත්වා…
-
දින තුනක් තුළ නෙළුම් කුළුණට මිලියන 07ක ආදායමක්
—
in Local Newsඉකුත් දින තුන තුළ නෙළුම් කුළුණෙන් ලැබුණු ආදායම රුපියල් මිලියන 7 ඉක්මවූ බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම පවසනවා. එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පැවසුවේ මෙතෙක් කල් නෙළුම් කුළුණ විවෘත නොකර තැබීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවයි. ඔක්තෝම්බර් 1 වනදා සිට උදෑසන 9 ත් දහවල් 2 ත් දක්වා කාලය තුළ නෙළුම් කුළුන…
-
සිරකරුවන් 417 දෙනෙකුට නිදහස
—
in Local Newsජාත්‍යන්තර සිරකරු සුබසාධන දිනයට සමගාමීව බන්ධනාගාරගත සිරකරුවන් 417 දෙනෙකුට නිදහස් කර තිබෙනවා. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පැවැරි ඇති බලතල ප්‍රකාරව විශේෂ රාජ්‍ය සමාවක් යටතේ එම සිරකරුවන් නිදහස් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. එලෙස නිදහස් කර ඇත්තේ දඩ මුදල් ගෙවීමට නොහැකිවූ සහ සුලු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටි සිරකරුවන් 417 දෙනෙක්. නිදහස හිමිවූ එම පිරිස අතර කාන්තා රැඳවියන්…