Author: admin

  • කෝටිපතියන් රැවටූ ප්‍රියමාලි රිමාන්ඩ්

    විදේශ රටවල මුදල් තැන්පතු හා ව්‍යාපාරවල මුදල් තැන්පත් කිරීම් වෙනුවෙන් සිත්ගන්නාසුළු පොළී මුදල් ලබා දෙන බව පවසමින් කෝටිපති ව්‍යාපාරිකයන්, දේශපාලකයන්, වෛද්‍යවරුන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව මෙම 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා (ඔක්. 6) නියෝග…

  • ශ්‍රී ලංකාව ගැන ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්

    ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට කළ යුතු අත්‍යවශ්‍ය ම කරුණු සම්බන්ධයෙන් ලෝක බැංකුව අදහස් පළකර තිබේ.   ණය ප්‍රතිව්‍යුහගත කිරීම, දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ඒ සඳහා  අත්‍යවශ්‍ය බව ලෝක බැංකුව සිය ද්වීවාර්ෂික වාර්තාවක සඳහන් කරයි එසේම ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි පරිදි ආර්ථිකය ශක්තිමත් කිරීම වැදගත් බවද එම වාර්තාවේ දැක්වෙයි.

  • ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) වි‍ශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ. රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන් දැනුවත් කර තිබේ. ඒ අනුව වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් අද දිනයේ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත්…

  • අනිද්දා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා එම ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර කියා සිටියේ. 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද…

  • දර්ශන් ධර්මරාජ් දිවි රඟමඬලින් බැස යයි

    ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය නළුවකු වූ දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට 41 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (02 වැනිදා) අලුයම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය ගොස් තිබේ. රක්වාන ප්‍රදේශයේ උපත ලැබූ දර්ශන මහතා රක්වාන ශාන්ත ජෝන් දමිළ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. ඔහු මුලින්ම කලා ක්‍ෂේත්‍රයට…

  • හිටපු ජනාධිපති මෛත්‍රීගෙන් රිට් පෙත්සමක්

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය නොසලකා හැර වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන්…

  • සනත් නිශාන්තට සිතාසි

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝම්බර් මස 13 වනදා පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙත සිතාසි නිකුත් කළා.නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

  • කොකේන් ගෙන ආ උගන්ඩා ජාතිකයා අත්අඩංගුවට

    කොකේන් ගුලි කිහිපයක් උදරයේ සඟවාගෙන පැමිණි විදෙස් ජාතිකයෙකු කටුනායක රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උගන්ඩා ජාතික 43 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යය හරහා මෙරටට පැමිණ ඇත. වැඩිදුර පරීක්ෂාවේදී සැකකරුගේ උදරයේ තිබී කොකේන් සහිත ගුලි 17ක් පිටතට ගැනීමට සමත්ව ඇති බව වාර්තාවෙයි. වැඩිදුරටත් වාර්තා වන්නේ එම…

  • ජනාධිපති අද පිලිපීනයට

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරයේ දෙවන දිනය අදයි. ජනාධිපතිවරයා අද (28) දිනයේ ජපාන අග්‍රාමාත්‍යවරයා සමග නිල වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ ජපාන අධිරාජ්‍යවරයා හමුවීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පිලිපීනයේ මැනිලා නුවරදී ආරම්භ වන ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගිවීමට නියමිතය. මෙවර…

  • විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දැනුම්දීමක්

    විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට භාණ්ඩ එවීමේ දී රේගුවේ ලියාපදිංචි වී ඇති ආයතන සමග පමණක් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රේගුව මහජනතාවට දැනුම් දී තිබේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට එවනු ලබන භාණ්ඩ අස්ථාන ගතවීම සහ හානි සිදුවීම පිළිබඳව ලැබෙන පැමිණිලිවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව රේගුව පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනාවරණය…