Author: admin

  • A9ක් ගත් මාතර දිරිය දැරිය මිය යයි

    උපතින් ම රෝගීව සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඒ සමාර්ථ 9ක් ගෙන රටට ම ආදර්ශයක් ලබා දුන් මාතර, දික්වැල්ල, රත්මලේ, කුරුඳුගහහේනේ පදිංචි දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ දියණිය (17) අභාවප්‍රාප්ත වූවා ය. උපතින් ම දෙපා වාරු නැති ඇයගේ මුළු ශරීරය ම අප්‍රාණිකව පැවති අතර පසුගිය අ.පො.ස. සා. පෙළ විභාගයට දික්වැල්ල බඹරැන්ද සද්ධර්මරාජ මහ විද්‍යාලයෙන්…

  • තෑගි දෙන බව පවසා සමාජ මාධ්‍ය ඔස්සේ කෝටියකට අධික මුදලක් වංචා කළ අයෙක් දැලේ

    සාමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට ත්‍යාග ලබා දෙන බවට පවසමින් සාමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් 11,627,175ක මුදලක් අදාළ සැකකරු සිය බැංකු ගිණුම් වෙත තැන්පත් කරගෙන තිබේ. ඒ අනුව…

  • තිරිසනුන්ටත් දෙවැනි වූ මිනිසුන්

    ගලේවෙල, පට්ටිවෙල අක්කර 80 ප්‍රදේශයේ සුනඛයන් රැසකට වස මිශ්‍ර ආහාර ලබාදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ගලේවෙල පොලීසිය පවසයි. ඊයේ (09) දිනයේ දී ගලේවෙල පොලීසියට ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුගෙන් ලද පැමිණිල්ලක් මත අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇත. ප්‍රදේශය පුරා සුනඛයින් 6දෙනෙකුගේ පමණ මළ සිරුරු තැන තැන වැටී තිබිය දී සොයාගැනීමට හැකි වු බව ප්‍රදේශවාසීන්…

  • නෙළුම් කුළුණෙන් පහළට පනින්න ජනවාරියේ සිට වරම්

    නෙළුම් කුළුණේ සිට රැහැන් ආධාරයෙන් පහළට පැනීමේ ‘බංජි පිමි’ ක්‍රීඩාව ලබන වසරේ ජනවාරි 1 වන දා සිට හඳුන්වා දීමට නෙළුම් කුළුණ කළමනාකාරිත්ව ආයතනය පියවර ගෙන තිබේ. සිංගප්පූරු සමාගමක් සමග පසුගිය දා මීට අදාළ ගිවිසුමකට ද එළඹ ඇත. නෙළුම් කුළුණ මුදුනේ ඉදි කෙරෙන විශේෂ පීඨිකාවක සිට මීටර් 260ක් පහළට පැනීම මෙහිදී සිදු කෙරේ. විදේශීය අයට මෙන්…

  • ගෝල් ෆේස් යළි උණුසුම් වෙයි

    අරගලකරුවන් සිහි කිරීම ඇතුළු තවත් ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් ගාලු මුවදොර ඊයේ (ඔක්. 9) විරෝධතාවක් පැවැත්විණි. ඊයේ පස්වරුවේ පැවති මෙම විරෝධතාවට එක්වූ පිරිස ඉටිපන්දම් දල්වමින් අරගලකරුවන් සිහි කිරීමට කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් පොලිසිය විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබිණි. එහෙත් ඔවුන් ඊට එකඟතාව පළ නොකිරීම හේතුවෙන් උණුසුම් තත්වයක් හටගත් අතර…

  • 15 හැවිරිදි මනාලියට සිදුවු දේ

    මොරටුව, අඟුලාන ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක විවාහ කර ගැනීමට සූදානම් වන බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලද නිර්නාමික ඇමතුමක් මත කළ වැටලීමකදී සැකකාර 19 හැවිරිදි පෙම්වතා අඟුලාන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී 15 හැවිරිදි බාලවයස්කාර මනමාලිය සහ 19 හැවිරිදි මනමාලයා උඩරට මංගල ඇඳුම් පිටින් අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන් වේ. මෙම මංගල්‍ය සඳහා බාලවයස්කාර දැරියගේ…

  • ඉන්දියාවේ බස් රථයක් ගිනි ගෙන 11ක් මරුට

    ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. අද (ඔක්. 8) අලුයම මෙම බස් රථය, ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක ගැටී ගිනි ගැනීමට ලක්ව ඇති අතර එහි සිටි පුද්ගලයින් 25 දෙනෙකුට අධික සංඛ්‍යාවක් පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, නාෂික් නගරයේ අද අලුයම 5.30ට පමණ මෙම අනතුර…

  • ප්‍රියමාලිගේ තවත් වංචා හෙළිවෙයි

    ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින්, කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනප්‍රිය ටෙලි සහ සිනමා නිළියකගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි. ඒ, එම නිළිය කෝටිපතියන් කිහිප දෙනෙකු සමග පැවැත්වූ ලිංගික සංවාද කිහිපයක් රහස් පොලිසිය සතුව තිබීමයි. මෙම මුදල් වංචාවට සම්බන්ධ කාන්තාව පවත්වාගෙන යන මූල්‍ය…

  • නාමල්ට ලැබුණු තනතුර

    කෙටි, මධ්‍ය හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්කර තිබේ. සාගර කාරියවසම් මන්ත්‍රීවරයා විසින් එම අනු කමිටුවේ සභාපති ධුරය සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළ අතර අලි සබ්රි අමාත්‍යවරයා විසින් එය ස්ථිර කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. රාජ්‍ය පරිපාලනය,…

  • නිවසේ සිදුවූ අනතුරකින් දරුවෙක් ට දිවි අහිමි වෙයි

    මවගේ කොණ්ඩා බූලයක් ගෙලට දමාගත් 08 හැවිරිදි පිරිමි දරුවෙක් ගෙල සිරවීමෙන් මිය ගොස් තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට මාබෝගඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මදුරාවල කනිෂ්ඨ විද්‍යාලයේ 04 වසරේ ඉගෙනුම ලැබූ රුවන් මතීෂ පෙරේරා නම් දරුවෙකි. සිද්ධිය වන අවස්ථාවේදී දරුවා පමණක් නිවසේ සිට ඇති අතර දරුවාගේ මව නිවස ආසන්නයේ අවමංගල නිවසකට සහභාගී වී  සිට තිබේ.…