Author: admin

  • වයස 5ට අඩු දරුවන් සිටින මවුවරුනට රට රැකියා තහනම යළි ගේන්න

    විදෙස් රැකියා සඳහා පිටත්වන ශ්‍රී ලාංකික මවුවරුන්ට සිය දරුවන්ගේ වයස අවුරුදු පහේ සීමාව ඉක්මවා තිබීම අනිවාර්ය කිරීමේ නීතිය නැවත පනවන්නැයි තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ළමා හා කාන්තා රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ ‘මව්බිම’ට පැවසුවා ය. ඒ අනුව, ලබා දී තිබුණු අවසරය නැවත වරක් සංශෝධනය කරන්නට කටයුතු කරන බව රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ පැවසුවා ය. ළමා…

  • නියාමනයක් නැතුව කෝටාව වැඩිකරන්න බෑ – කංචන

    මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර අදාළ ත්‍රිරෝද රථ නියාමනයට ලක්කළ යුතු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ත්‍රිරෝද රථ නිසි නියාමනයකින් තොරව ඉන්ධන කෝටාව සියලුම ත්‍රිරෝද රථ සඳහා වැඩි කිරීමට හැකියාවක් නොමැති බවය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා. “දැනට අපි දෙන්නේ…

  • යළිත් පාර්ලිමේන්තු විවාද නැරඹීම ට පාසල් සිසුන්ට අවස්ථාව

    පාර්ලිමේන්තු විවාද නැරඹීම සඳහා පාසල් සිසුන්ට යළි අවස්ථාව ලබාදි තිබේ. රැස්වීම් පැවැත්වෙන දිනවලදී පාර්ලිමේන්තුව නැරඹීමට සහ විවාද නැරඹීමට පාසල් දරුවන්ට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය  හිමිව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ. ඒ අනුව, පාර්ලිමේන්තු සභාගර්භයේ…

  • නඩුවක් නිසා කෝටි 52ක නැවක් මුහුදේ දිරයි

    ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතුවල නිරත වීම සඳහා විදේශීය ආයෝජකයෙකු විසින් මීට වසර තුනකට පමණ පෙර මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 52ක් පමණ වටිනා නෞකාවක් සම්බන්ධයෙන් මෙරට අධිකරණයක් තුළ පවතින නඩු කටයුත්තක් වසර දෙකක් තිස්සේ විභාගයට ගෙන නොතිබීම හා ඊට අදාළ නඩු තීන්දුවක් ලබා ගැනීමට නොහැකි වීම නිසා එම නෞකාව මෝදර වරාය තුළ දිරාපත්වීමේ අවදානමකට…

  • මැතිවරණය පැවැත්වෙන කාලය ගැන ප්‍රකාශයක්

    ලබන වසරේ මාර්තු මාසයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නීතිමය ප්‍රතිපාදන ඇත්තේ මහ මැතිවරණයකින් අනතුරුව පාර්ලිමේන්තුව පළමු වරට රැස්වී වසර දෙකහමාරකට පසුව බවය. කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජි. පුංචිහේවා මහතා එම අදහස් පළ කළේය.…

  • ගෝඨාභය ට යළි නොතීසි නිකුත් කරන්නැයි දැනුම්දීමක්

    2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවිය නොහැකි බවට දී ඇති අභියාචනාධිකරණ තීන්දුවට බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යළි නොතීසි…

  • ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳන්න ජපානය පෙරමුණ ගනී

    ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් ලබා දීමේ අරමුණින් ජපානය මෙම වසර අග වන විට මෙරට ණය හිමියන්ගේ හමුවක් සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටින බව ජපාන මාධ්‍ය වාර්තා කරයි. එරට The Yomiuri Shimbun පුවත්පත වාර්තා කරන්නේ, එහිදී ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අවම කරගත හැකි මාර්ග වැනි කරුණු පිළිබඳව සහ චීන ණය පිළිබඳව කටයුතු කිරීම මගින් ශ්‍රී…

  • ඛනිජ තෙල් සේවකයින් ට ඇමතිගෙන් රතු එළියක්

    ඛනිජ තෙල් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති පසුබිමක යම් කිසි සේවකයෙකු හෝ වෘත්තීය සමිතියක් එම රෙගුලාසි කඩ කරන්නේ නම් ඔවුන්ට එරෙහිව කඩිනමින් නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, ඉකුත් මාස 6…

  • නව මදුරු විශේෂ දෙකක් මෙරටින් සොයා ගැනේ

    මෙරට ජෛව විවිධත්වය ඉහළ නංවමින් නව මදුරු විශේෂ දෙකක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීටවිද්‍යා කණ්ඩායම සමත්ව තිබේ. කියුලෙක්ස් සින්ටෙලස්, කියුලෙක්ස් නියර්ඉන්ෆියුලා යන නාමයන්ගෙන් හැඳින්වෙන මෙම මදුරු විශේෂයන් මීරිගම සහ කළුතර ප්‍රදේශවලින් සොයාගෙන ඇති බව වාර්තා වේ. මෙම මදුරු විශේෂයන් දැනට තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලින් වාර්තා වී ඇති අතර  ඔවුන් රෝග වාහකයින් ද යන්න සම්බන්ධයෙන්…

  • සනත් නිශාන්ත අධිකරණයට භාර වීමෙන් අනතුරුව තරයේ අවවාද කර මුදා හරී

    අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කෙරුණු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසුව තරයේ අවවාද කොට වරෙන්තුව ආපසු කැඳවීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. මින්මතුවට සෑම නඩු දිනයකම පුද්ගලිකවම අධිකරණයේ පෙනීසිටිය යුතු බවටත් විනිසුරු මඩුල්ල විසින් විත්තිකාර සනත් නිශාන්තට තරයේ අවවාද කළේය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අද (13) අධිකරණය හමුවේ පෙනීසිට කරුණු…