Author: admin
-
ඉන්ධන මිල සංශෝධනය කෙරේ
—
in Local Newsඅද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා තිබේ. එහි නව මිල රු 340කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 375කි. මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල…
-
17 හැවිරිදි පාසල් සිසුවාට දිවි අහිමි කළ අනතුර
—
in Local Newsකාත්තන්කුඩි ප්‍රදේශයේ කල්මුණ – මඩකලපුව මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබේ. ඊයේ (27) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. කල්මුණ – මඩකලපුව මාර්ගයේ නාවක්කුඩා ප්‍රදේශයේ දී කාත්තන්කුඩි දෙස සිට මඩකලපුව දෙසට ගමන් කළ පාපැදියක් මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේ දී එම දිශාවටම ගමන් ගත් වෑන් රථයක් ගැටී අනතුර සිදුව ඇත.…
-
ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි
—
in Local Newsප්‍රවීන සංගීතවේදී සහ ගායකයෙකු ද වන සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. මියයන විට එතුමා 81ක් හැවිරිදි වියේ පසුවූවා. මෙරට සංගීත කේෂ්ත්‍රයට සුවිශාල මෙහෙවරක් සිදුකළ සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා ගීත 140කට වඩා ගායනා කොට තිබෙනවා. ආදරේ නැහැ ආදරේ, ඈත එපිට ගම්මානෙන්, දඟකාර ඔය දෑස, ආදර සැමරුම් කැටි වූ වැනි ගීතයන් මෙරට සංගීත කේෂ්ත්‍රයේ…
-
16 හැවිරිදි දරුවෙක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට
—
in Local Newsමහනුවර පොලිස් වසමේ, මුල්ගම්පොළ ප්‍රදේශයේ ගුවන් පාලම අසල ඊයේ (මාර්තු 26) සවස් කාලයේදී 16 හැවිරිදි දරුවෙකු දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය සඳහන් කළේ, මියගිය දරුවා ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබා ගනිමින් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ය. 16 හැවිරිදි දරුවා මාදබෝවල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පදිකයින් ගමන් කරන…
-
මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් වටලයි
—
in Local Newsහලාවත නගරයේ සිදුකළ පරීක්ෂා කිරීමකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොගයක් හමුවූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ඔවුන් පැවසුවේ හලාවත නගරයේ වෙළෙඳසැල් 3කින් මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොග හමුවූ බවය. පසුව එම වෙළෙඳසැල්වලට හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩු පැවරීමට කටයුතු කර තිබේ. විදෙස් රටවලින් හොර රහසේ මෙරටට ගෙන්වා කල්ඉකුත්වීමේ සහ නිෂ්පාදිත දිනයන් ආදී වැදගත් තොරතුරු සඳහන්…
-
උත්සව සමයේ ගසාකන වෙළෙඳුන්ට නීතිය තදින්
—
in Local Newsඑළඹෙන උත්සව සමයේදී වැඩි මිලට හා ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය අලෙවි කර පාරිභෝගිකයන් සූරා කෑමට ලක් කරන වෙළෙඳුන් සොයා දිවයින පුරා අඛණ්ඩ වැටලීම් සිදු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව, සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ආහාර තොග අලෙවිසල්, ගබඩා හා සිල්ලවෙළෙඳසල් පරීක්‍ෂා කිරීමට එම අධිකාරිය පියවර ගෙන ඇත. එළඹෙන අලුත්…
-
ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට
—
in Local Newsඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවය. නිවාස ආශ්‍රිත පරිසර පද්ධතිවලින් 20 % ක පමණ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවතින බවට සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බවද නිජිත් සුමනසේන මහතා වැඩිදුරටත් සඳහන්…
-
දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්
—
in Local Newsදිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර 02කට අවධානාත්මක නිවේදන නිකුත් කර ඇත. මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, විල්ගමුව සහ නාවුල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් අදියර…
-
මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා දෙන්න බැහැ – මුද්‍රණාලයාධිපතිනිය
—
in Local News2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අවශ්‍ය මූල්‍ය ගෙවීම් සිදුකරන තුරු මැතිවරණ කොමිසමට භාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය එම කොමිසමට දැනුම් දී තිබේ. මේ වනවිට දිස්ත්‍රික්ක 17කට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් නමුත් ඒවා යළි පරීක්ෂා කිරීම පොලිස් ආරක්ෂාව යටතේ සිදුකළ යුතු වුවද…
-
කටුනායකින් පැන්න ‘බූරු මූණා’ අවිස්සාවේල්ලේදී කොටු වූ හැටි
—
in Local Newsරවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරු මූණා’ පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට අවසර ලැබී තිබේ. අවිස්සාවේල්ල ප්‍රදේශයේදී ඊයේ (17) සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු මනුෂ්‍ය ඝාතන 10කට අධික සංඛ්‍යාවකට චෝදනා ලබා සිටින පුද්ගලයෙකි. හංවැල්ල ප්‍රදේශයේ වෙළෙඳසැළකට ඇතුළුවී එහි සිටි ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනීමැරුම් රැසක් සම්බන්ධයෙන් රවිඳු සංඛ…