Author: admin

  • අඩු වූ ගෑස් මිල

    අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,005කින් පහළ දැමෙන බව ලිට්‍රෝ සමාගම පවසයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, රුපියල් 4,743ක් ව පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,738ක් වන බවය. එමෙන්ම කිලෝගෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල්…

  • ලිට්‍රෝ ගෑස් මිල රු.1000කින් අඩු කෙරේ

    හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් මිල අඩු කිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.  ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරකින් යුත් ගෑස් සිලින්ඩරයක මිල ගණන් රුපියල් 1000කින් හෝ ඊට වඩා වැඩි මුදලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කරන්නේ. නව ගෑස් මිල ගණන් හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

  • රෝගීන්ගෙන් වැඩියෙන් මුදල් අයකළ රෝහලකට ලක්ෂ 15ක දඩයක්

    ඩෙංගු ඇන්ටිජන් හා පූර්ණ රුධිර ගණන පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් අමතරව රුපියල් 1,350 ක මුදලක් අයකර ගත් බව පැවසෙන දෙහිවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 15 ක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ යු  රන්ජන පවසනවා.   එය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙතෙක්  පෞද්ගලික රෝහලකට…

  • බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

    පාසල් ක්‍රිකට් (බිග් මැච්) තරගයක් අතරතුර මාර්ගයේ මෝටර් රථ සංදර්ශනයක නිරතවී සිටියදී සිදුවූ අනතුරකින් සිසුන් 07 දෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. ජීප් රථයක් පෙරළී එහි සිටි සිසුන් මෙලෙස අනතුරට ලක්වී ඇත.   බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ආසනනයේ ඇති නව ක්‍රීඩාංගණයේදී අද (01) දවහල් මෙම අනතුර සිදුවී තිබේ. පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ සිසුන්…

  • ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය දිවියෙන් සමුගනී

    ප්‍රවීන රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට එතුමා 83 හැවිරිදි වියේ පසුවූවා.  1940 සැප්තැම්බර් මාසයේ 20 වෙනිදා මීපලාවල ග්‍රාමයේ උපත ලැබූ එතුමා මහනුවර ධර්මරාජ විදුහලේ ආදී ශිෂ්‍යයෙකු වනවා. සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ “හන්තාන කතාව” චිත්‍රපටයෙන් සිනමාවට අත්පොත් තැබූ අමරසිරි කලංසූරිය මෙරට සිනමා කේෂ්ත්‍රයේ දක්ෂ නළුවෙකු ලෙස සිය රංගන කුසලතා පිළිඹිඹු කරනු…

  • ශ්‍රී ලංකාවට යළිත් පරාජය: නවසීලන්තයට පහසු ජයක්

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායමට කඩුලු 6ක පහසු ජයක් හිමි විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු කඩුලු දැවී රැස් කළේ, ලකුණු 157ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථකව පන්දුවට පහර දුන් එක ම පිතිකරු වූ පැතුම් නිස්සංක ලකුණු 57ක් ලබා සිටියදී නායක දසුන් ශානකගේ වැරදි…

  • වෘත්තීයවේදීන් සඳුදා සිට යළි සටනට

    බදු සංශෝධනවලට එරෙහිව විසඳුමක් නොලැබුණොත් ලබන සඳුදා සිට නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට සිදුවන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය ලබා දීමට කටයුතු කරන ලෙස දන්වමින් අවසන් ලිපිය ජනාධිපතිවරයා වෙත යැවීමට සූදානම් බව ද එම එකමුතුව පැවසූහ. සියලු වෘත්තීය සමිති මේ සඳහා සහභාගි කරවා ගැනීමට කටයුතු කරන බව ත්…

  • ඉන්ධන බෙදාහැරීම ගැන අලුත් ආරංචියක්

    දිවයිනේ සියලු ඉන්ධනහල් වෙත සිදුකරන ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඉල්ලීම් කිහිපයක් මත ඛනිජ තෙල් වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ඉන්ධන සැපයුම් ක්‍රියාවලියේ යම් යම් ප්‍රමාදයන් සිදුව තිබුණි. කෙසේවුවද ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් එහි සැපයුම් ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගත්…

  • බේරුවල මුහුදේ භූකම්පනයක් 

    බේරුවල ප්‍රදේශයේ සිට කිලෝමීටර් 24ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ භූ චලනයක් සිදු වී තිබේ. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 3.7ක් ලෙස සටහන් වී ඇති බව ය. අද (මාර්තු 30) දහවල් 1.02ට පමණ අදාළ භූ චලනය සිදුවී තිබේ. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, ඒ හේතුවෙන් ශ්‍රී…

  • හෙට සිට අවම බස් ගාස්තුව රු. 30යි

    අද (මාර්තු 29) මධ්‍යම රාත්‍රියේ සිට සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනය අනුව බස් ගාස්තු ද කඩිනමින් සංශෝධනය කිරීමට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන උපදෙස් දී තිබේ. ඒ අනුව, දැනට පවතින අවම බස් ගාස්තුව රු. 30 දක්වා පහත දමන අතර හෙට (මාර්තු 30) සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇති බව…