Author: admin

  • පුංචි ඡන්දය දෙවන වරට ත් කල් දමයි

    2023 අප්‍රේල් මස 25 වන දා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වරට ත් කල්දැමීමට සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ, ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීම සඳහා විවිධ අවහිරතා මධ්‍යයේ කටයුතු කළ බව ය. එහෙත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හා කොමිෂන් සභාවේ පාලනයෙන් තොර…

  • ලංකාව ආහාර උද්ධමනයෙන් පියවරක් ඉදිරියට

    ආහාර උද්ධමනය වැඩි ම රටවල් අතර 10 වන තැනට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ලෝක බැංකු නවතම දර්ශකය සඳහන් කරයි. ඒ අනුව මීට පෙර 9 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව එක් ස්ථානයකින් මෙවර පහළ බැස ඇත. 2022 අගෝස්තු මාසයේ නිකුත් කළ ලෝක බැංකු දර්ශකයේ ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර 5 වන ස්ථානයට පත් වූ ශ්‍රී ලංකාව…

  • දින දෙකක් තුළ හොරට බඩු කිරපු වෙළෙඳුන් 3,500ක් මාට්ටු

    ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ භාවිත කරමින් පාරිභෝගිකයන් ගසා කෑ කූට වෙළෙඳුන් තුන්දහස් පන්සියයක් පමණ 8 සහ 9 දෙදින තුළ අත්අඩංගුවට ගත් බව කිරුම් මිනුම් ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව පවසයි. 2023 වසරේ මුල් කාර්තුවේදී සිට මේ වන විට සිදුකළ වැටලීම්වලදී වෙළෙඳුන් දසදහසක් අත්අඩංගුවට ගෙන නඩු පැවැරීම් හාරසිය පනහක් ඉක්මවා සිදුකළ බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.…

  • බස් ගාස්තු ගෙවීමටත් QR

    ලංගම බස් ගාස්තු ගෙවීම සඳහා මගීන්ට QR ක්‍රමවේදයක් මේ වසර තුළ හඳුන්වාදෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි නුවරඑළියේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ලංකා ගමනාගමන මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩිපෝ 7ක් සඳහා බස් රථ 26ක් ලබාදීම ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පැවැත්වුණි.

  • ජපානයේදී මිය ගිය ශ්‍රී ලාංකික තරුණියගේ මරණය සම්බන්ධයෙන් යළිත් රට තුළ දැඩි කතා බහක් ඇති වී තිබේ

    මීට වසර දෙකකට පෙර ජපානයේ නගෝයා නගරයේ පිහිටි සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යාස්ථානයකදී මිය ගිය ශ්‍රී ලාංකික තරුණියගේ මරණය සම්බන්ධයෙන් යළිත් රට තුළ දැඩි කතා බහක් ඇති වී තිබේ. ඒ, රත්නායක ලියනගේ විශ්මා සඳමාලි නමැති අදාළ තරුණිය රඳවා තබා සිටි කාමරයේ සීසීටීවී දර්ශන මාධ්‍ය වෙත නිකුත් වීමත් සමග ය. ඇයගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටින…

  • සාදය ඛේදවාචකයක් වෙයි – 9ක් රෝහලට අයෙක් මරුට

    අද (08) අලුයම මාතලේ තොටගමුව වෙල්යාය අසලදී ජිප් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුවී ඇත. අනතුරින් තුවාල ලැබූ ජිප් රථයේ රියදුරු අතුළු තවත් තරුණයින් 09 දෙනෙකු මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් තරුණයෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි තොටගමුව වත්ත, පලාපත්වල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි. මෙලෙස අනතුරට…

  • ජල පාරිභෝගිකයින් ට හදිසි දැනුම්දීමක්

    ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් අප්‍රේල් 04 වැනිදා සිට මේ දක්වා අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වෙමින් සිටී. ඒ වෛද්‍ය නිවාඩු නොලබා රාජකාරී කටයුතුවල නිරත වූ දිනවලට අදාළ ගෙවීම් සිදුකරන ලෙස ඉල්ලමිනි. ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසුවේ, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කාර්යාල සේවා හා පාරිභෝගික සේවා කිසිවක් ඉටු…

  • පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවයි

    ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ QR කේතයට පරිබාහිරව දිගින් දිගටම ඉන්ධන අලෙවිය සිදුකරන ලද ඉන්ධන පිරවුම්හල්වල මෙලෙස ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බවය. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග ප්‍රගති…

  • ධනුෂ්ක ගුණතිලකට තවත් සහනයක්

    කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නිකුත් කර තිබු නියෝගය ඉවත් කර තිබේ. ඒ සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව අද (07) යළි කැඳවු අවස්ථාවේදී ය. සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම…

  • පළාත් කිහිපයක ගුරු පුරප්පාඩු පිරවීමට අනුමැතිය

    2023 වර්ෂය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනාකරණය කර ගැනීමට යටත්ව පළාත් කිහිපයක ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇත. දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව දැනුම් දී තිබේ. ඒ…