Author: admin

  • ලිට්‍රෝ ගෑස් මිල හෙට සිට යළිත් පහළට

    මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල මිල සංශෝධනයක් සිදු වන බව එම සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කර ඇත්තේ, අදාළ මිල සංශෝධනය වන ගණන පිළිබඳව හෙට (මැයි 3) දිනයේදී නිල වශයෙන් දැනුම් දෙන බව ය. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ පහත දැමීමට බලාපොරොත්තු වන බව…

  • රුපියල් මිලියන 84ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

    කැනඩාවේ පදිංචි පුද්ගලයෙක් විසින් යාපනයේ පදිංචි තවත් පුද්ගලයෙක්ට එවන ලද භාණ්ඩ අඩංගු ලී පෙට්ටි 2ක් රේගු නිලධාරීන් විසින් පරික්ෂාකිරීමේදී එහි සූක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12ක් සොයාගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය පාර්සල් 24ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි. මෙම භාණ්ඩ රේගුවෙන් නිදහස් කරගැනීම සඳහා භාණ්ඩ හිමිකරු විසින් බලය පැවරූ වාප්පු ලිපිකරුවාද රේගු අත්අඩංගුවට…

  • ඩයනාගේ පාස්පෝට් නඩුවට දිනයක් නැතිවෙයි

    ආගමන හා විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට අදාළව අවශ්‍ය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතියෙන් බලය තිබෙන බැවින් අධිකරණය විසින් ඊට අදාළව නියෝගයක් නිකුත් නොකරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය. එම සිද්ධියේ පැමිණිලිකාර ඕෂල හේරත් සහ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් විසින් මීට පෙර දින අධිකරණය…

  • උතුරු-නැගෙනහිර හෙට හර්තාල් දිනයක්

    උතුරු නැගෙනහිර පුරා හෙට (අප්‍රේල් 25) ක්‍රියාත්මක කිරීමට නියමිත පූර්ණ හර්තාල් ව්‍යාපාරයේදී රජයේ සේවකයන් ද ඊට හවුල්වන බව දෙමළ දේශපාලන පක්ෂ හතක නියෝජිතයෝ 22දා යාපනයේදී පැවසූහ. මේ නිසා එදිනට උතුරු නැගෙනහිර පළාත්වල රාජ්‍ය සේවා කටයුතු ද අඩාල වන බව කී පක්ෂ හතේ නියෝජිතයෝ මෙම පූර්ණ හර්තාලය දා සියලු ම වෙළෙඳසල් වසා දැමෙන බව ත් ගමනාගමන…

  • හම්බන්තොට මුහුදේ සුළු භූ කම්පනයක්

    හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ අද (24) අලුයම 12.45ට පමණ භූකම්පනයක් හටගෙන තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, රික්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවය.

  • අධික උණුසුම හේතුවෙන් මානසික රෝග ඉහළ යාමේ අවදානමක්

    පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඉහළ යා හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මේ හේතුවෙන් මිනිසුන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු විය හැකි බවය. එමගින් මිනිසුන් විවිධ අපරාධවලට යොමු විය හැකි බවද පෙන්වා දෙන විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසන්නේ මෙම කරුණු පිළිබඳව අවධානය යොමුකළ යුතු බවය.…

  • පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා අද ජන පවුරක්

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරිමට කතෝලික සභාව සැලසුම් කර තිබේ. ඒ අනුව අද උදෑසන 8 සිට කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා කොළඹ – මීගමුව මහ මාර්ගයේ මෙම ජන පවුර නිර්මාණය කිරිමට සැලසුම් කර ඇත. එමෙන්ම පෙරවරු…

  • රට සිට එන අයගෙන් මැලේරියා අවදානමක්

    මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මේ වන විට උද්ගතව ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය චම්පා අලුත්වීර ඊයේ (අප්‍රේල් 19) පැවසුවා ය. මෙරට තුළ වැඩි වශයෙන් මෙම රෝගය ව්‍යාප්ත වීම සිදු වීමට මූලික හේතුව වන්නේ මැලේරියාව බහුලව පවතින රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ගෙන් රෝගය ව්‍යාප්ත වීම නිසා බව ද ඇය කීවා ය. විශේෂයෙන්…

  • අධික රශ්මිය හේතුවෙන් 22,000ක් මියගිය රටක්

    දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියේ උෂ්ණත්වය ක්‍රමානුකූලව ඉහළයමින් පවතියි. ඒ හේතුවෙන් මිනිසාට වන බලපෑමද වැඩිවෙමින් තිබේ. පර්යේෂකයින් පවසන්නේ ලොව රටවල් අතුරින් අධික රශ්මියට නිරාවරණය වීමෙන් ඉන්දියාවේ පුද්ගලයින් විශාල වශයෙන් වාර්ෂිකව මියයන බවය. එරට නිල දත්ත අනුව 1992ත් 2015ත් අතර කාලයේදී පුද්ගලයින් 22,000ක් අධික උෂ්ණය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවය. නමුත් මෙම ගණන තවත් වැඩිවිය හැකි බව…

  • ගාලු මුවදොර පිටිය අප්‍රේල් 20න් පසු වෙනස්වෙයි

    මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාරගෙන ඇත. එම අධිකාරිය විසින් රුපියල් මිලියන 220ක් පමණ ඒ සඳහා වැය කිරීමට නියමිතය. පසුගිය අරගල කාලසීමාව තුළ දී එම ප්‍රදේශයේ සිදුව තිබූ…