Author: admin

  • විදුලි බිල වෙනස් වෙන හැටි ඇමති හෙළිකරයි

    ඉදිරියේ දී සිදුකිරීමට නියමිත විදුලිබිල සංශෝධනය පිළිබඳ මිල ගණන් අද (24) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළේය. ඒ අනුව ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින ඒකකය මිල රුපියල් 5කින් අඩුකර තිබේ. එම කාණ්ඩය සඳහා ඒකකය නව මිල රුපියල් 25ක් කිරීමට නව සංශෝධනයෙන් යෝජනා කර ඇත. මේ අතර ස්ථාවර ගාස්තුව රු 400ක සිට…

  • රියදුරුට නින්ද ගිය ජීප් රථය සිසුවියක් ව බිලි ගනී

    බස් නැවතුම්පොළක රැඳී සිටි 17 හැවිරිදි පාසල් සිදුවියක් අද (20) අවාසනාවන්ත සිද්ධියකට මුහුණදී තිබුණි. ඒ ඇය රැදීසිටි ස්ථානයට එකවරම කඩාවැදුණු ජීප් රථයක් ඇයව යට කරගෙන ගොස් සිදුවූ අනතුරක් හේතුවෙනි. අනතුරෙන් අදාළ සිසුවිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබේ. අද (20) උදෑසන එම අනතුර සිදුවී තිබුණේ කුරුණෑගල, උහුමීය, ඩී.එස්. සේනානායක විදුහල ඉදිරිපිටදීය. එම අනතුරෙන් මියගොස් ඇත්තේ, ඩී.එස්.…

  • බිත්තර ආනයනය තවත් ඉහළට

    ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේ කටයුතු තවත් පුළුල් කිරීමේ අරමුණින් එරට කුකුළු ගොවිපොළ පරීක්ෂා කිරීම සඳහා නියෝජිතයින් පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් සහ රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ නිලධාරියෙක් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති…

  • මුදලිගේ ඇතුළු පිරිස අද අධිකරණයට

    අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 8 දෙනෙකු අද මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි. කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිදුකළ විරෝධතාවය අතරතුරදී පොලීසිය විසින් මෙම පිරිස ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණි. පොලීසිය පවසන්නේ යුතු ජනරාශියක සාමාජිකයින්ව සිටිමින් පොලිස් නිලධාරීන්ට…

  • සැමරුමක් නිසා කොළඹ උණුසුම් තත්ත්වයක්

    දශක තුනක් මුළුල්ලේ මෙරට පැවති සාපකාරී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට (18) වසර 14ක් සපිරෙයි. යුද ගැටුම් අතරතුර මියගිය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සිහිපත් කරමින් සැමරුමක් පැවැත්වීමට යාමේදී අද පාර්ශ්ව දෙකක් අතර කොළඹදී නොසන්සුන්තාවයක් ඇතිවුණි.  සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් අද පෙරවරුවේ බොරැල්ල පොදු සුසාන භුමිය ඉදිරිපිට මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිහිපත් කරමින් සැමරුමක් සංවිධානය කර තිබුණි.  එම ස්ථානයට…

  • ධනුෂ්කට එරෙහි චෝදනා කිහිපයක් ඉවත්කර ගනී

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා කිහිපයක් ඉවත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර තිබේ. එරට මාධ්‍ය සඳහන් කළේ, ලිංගික අපයෝජන චෝදනා 4න් 3ක් ඒ අනුව ඉවත්කරගෙන ඇති බවය. 2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී එරට කාන්තාවක් හා මිත්‍රවී ඇති ගුණතිලක පසුව ඇයව ඇයගේ කැමැත්තෙන් තොරව දුෂණය කළ…

  • මව් සෙනෙහසට නිගා කළ මවක්

    වයස අවුරුදු 9ක ගැහැනු දරුවෙක් සහ 13 හැවිරිදි මානසික ආබාධයකින් පෙළෙන පිරිමි දරුවෙක්ට වධහිංසා කළ මවක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (17) ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මුලස්ථානයට ලද පැමිණිල්ලක් මත එම කාන්තාව අත්අඩංගුවට ගත් බවය. පෑලියගොඩ පොලීසිය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වනවාසල පාර, තොරණ හන්දිය, කැලණිය යන ලිපිනයේ තාවකාලික කුලී පදනම…

  • ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

    ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.  මිය යන විට ඒ මහතා 73වන වියේ පසු විය. ටෝනි හසන් මහතා දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) සවස මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

  • වට්ස්ඇප් හරහා සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ඇල්බම් හැදූ A/L සිසුවා දැලේ

    නිරූපිකාවන් අවශ්‍ය බව පවසා වට්ස්ඇප් ඔස්සේ පළ කරමින් පාසල් යන සිසුවියන් 12 දෙනෙකුගේ නිරුවත් පින්තූර ලබාගත් 19 හැවිරිදිවියේ පසුවන උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (මැයි 16) අත්අඩංගුවට ගත්තේ ය. මෙම සිසුවා ගම්පහ දිස්ත්‍රික්කයේ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ විද්‍යාලයක අධ්‍යාපනය ලබන බව පැවසේ. නිරුවත් පින්තූර සඳහා යොමු…

  • කිරිපිටි මිල පහළට

    ආනයනික කිරිපිටි මිල පහළ දමා තිබේ. ඒ අනුව, ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200කින් පහළ දමන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මැයි 15 වන දා සිට නව මිල ගණන් ක්‍රියාත්මක කෙරෙන බව ය.