Author: admin

  • ගුරු ස්ථාන මාරු ගැන විශේෂ දැනුම්දීමක්

    2022 වසරේ ජාතික පාසල් ගුරු මාරු කිරීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2021/12/31 වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලුම ගුරුවරු ජූනි මස 12 වනදා වන විට සේවා ස්ථානයට වාර්තා කළ යුතුය. යම් ගුරුවරයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු…

  • පානදුර ඝාතනයට සැකපිට පාසල් සිසුවෙක් අත්අඩංගුවට

    පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට දී 23 හැවිරිදි තරුණයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සිසුවා ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරුට සහාය වීම සඳහා ඔහු සමග ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී  ඇති බවය. පානදුර වෑකඩ ප්‍රදේශයේදී 31 වනදා රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි.…

  • ආනයන සීමා ලිහිල් කිරීම ගැන රජයෙන් තීරණයක්

    ආනයන කරනු ලබන භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ, ලබන සතියේ සිට එම ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බවය.

  • ජනපති අද ජාතිය අමතයි

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (ජූනි 1) රාත්‍රි 8.00ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත ය. ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඉදිරි පියවර පිළිබඳව ජනාධිපතිවරයා දැනුම් දෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ ය. රජය පසුගිය මාස නවයක කාලය තුළ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවර මෙහිදී පැහැදිලි කරනු ඇතැයි ද…

  • යුරියා මිල අඩුකෙරේ

    යුරියා මිල අඩුකිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව ජූනි 15 වනදා සිට යුරියා කිලෝ 50 මිටියක් රුපියල් 9,000කට ගොවීන්ට ලබාගත හැකි බව ඔහු පැවසීය.

  • ජනපතිගේ වැඩපිළිවෙලට චීනයේ පූර්ණ සහාය

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙලට චීන රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (30) ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී චීන විදේශ කටයුතු උප අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඊයේ…

  • කුකුළු මස්, බිත්තර සහ මාළු මිලේ වෙනසක්

    කුකුළු මස්, බිත්තර සහ මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රුපියල් 1,000ත් 1,100ත් අතර පැවති කුකුළු මස් කිලෝවක මිල මේ වන විට රුපියල් 1,500ත් 1,600ත් අතර වන බව පාරිභොගිකයින් සඳහන් කළේය. ඊට සමගාමීව වෙළෙඳපොළේ මාළු මිල ගණන්ද ඉහළ අගයක් ගෙන ඇති…

  • අද රෑට වෙනස් වෙන ඉන්ධන කෝටාව

    අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව යතුරුපැදියක් සඳහා මෙතෙක් පැවැති ලීටර් 7ක ඉන්ධන කෝටාව ලීටර 14ක් දක්වා ඉහළ දැමෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය. මගී ප්‍රවාහන ත්‍රිරෝද රථයක් සඳහා මෙතෙක් පැවැති ලීටර 15ක ඉන්ධන කෝටාව ලීටර 22ක් දක්වා ඉහළ දමා…

  • ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක්

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ඩොලර් මිලියන 350ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබේ. එම ණය මුදල ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සඳහා ලබාදී ඇති බව නිවේදනයක් නිකුත්කරමින් ආසියානු සංවර්ධන බැංකුව පැවසීය. එසේම මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට සපයන ලද විස්තීර්ණ ණය පහසුකම හා සම්බන්ධ බව සඳහන් වෙයි.…

  • අබිරහස සොයන්න දිනේෂ් ශාෆ්ටර්ගේ දේහය ගොඩ ගනී

    හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගෙන තිබේ. ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව අදාළ දේහය ගොඩගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ විසින් අවසර ලබා දුන් අතර විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩගැනීමේ කටයුතු…