Author: admin
-
නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ වැඩ අරඹයි
—
මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අද වැඩ භාරගෙන තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදා වත්මන් මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා විසින් එයාර් මාර්ෂල් නිලයට අද උසස් කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා ලෙස මෙලෙස වැඩ භාරගෙන ඇත. එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙන් ප්‍රාථමික…
-
රිය අනතුරකට මුහුණදුන් විජයකලා රෝහල් ගත කෙරේ
—
හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට මුහුණදී තිබේ. අප වාර්තාකරු පැවසුවේ අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවය. මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්යක්ෂවරයා පැවසීය.
-
තැන තැන මතුවෙන හොර සල්ලි
—
රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු 23ක් සමග සැකකරුවන් තිදෙනෙකු අකුරැස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අකුරැස්ස නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදී භාණ්ඩ මිලදී ගැනීමට පුද්ගලයෙකු තැත් කරන බවට අකුරැස්ස පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදි අකුරැස්ස මාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක පුද්ගලයෙක් ව්‍යාජ 5,000 මුදල් නෝට්ටු 3ක්…
-
රියදුරු බලපත්‍ර ගැන විශේෂ පණිවුඩයක්
—
තාවකාලික රියැදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත. එහි දැක්වෙන්නේ, මෝටර් වාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් 2022.03.31 දින සිට 2023.06.30 දක්වා නිකුත් කරනු ලැබ ඇති සෑම තාවකාලික රියැදුරු බලපත්‍රයක ම වලංගු කාලය, එම බලපත්‍රයේ කල් ඉකුත්වීමේ…
-
ජනපති ණය ප්‍රතිව්‍යුහගතකරන හැටි හෙළි කරයි.
—
ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 41.5ක මුළු විදේශ ණය ප්‍රමාණයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක් වසර පහක කාලයක් තුළ ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමද ඒ අනුව සිදු කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කරයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී EPF,ETF අරමුදල් සදහා හෝ බැංකු පද්ධතියේ තැන්පතු…
-
ස්ටිකර් නැති බෝතල් වික්කොත් බාර් ලයිසන් කැන්සල්
—
ස්ටිකරය රහිතව මත්පැන් අලෙවි කරන අලෙවිසල්වල මත්පැන් බලපත්‍රය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තීරණය කරයි. බදු ගෙවීම පැහැරහරින නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට ද සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත. ජාතික ආර්ථිකය සහ භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එසේ උපදෙස් ලබා දී තිබේ. මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය යුතු බදුමුදල් අයකර ගැනීම…
-
ටයිටන් ගැන සංවේදී ආරංචියක්
—
අතුරුදන්වූ ටයිටන් කුඩා සබ්මැරීනය ව්‍යසනකාරී පිපිරීමකට ලක්ව ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ඒ අනුව එම කුඩා සබ්මැරීනය තුළ ගමන් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවය. එසේම ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ ටයිටන් සබ්මැරීනය සෙවීමේ දැවැන්ත මෙහෙයුම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බවය. කැනේඩියානු…
-
බොර තෙල් මිල අඩුවෙයි
—
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් මිල අඩුවී තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ අද (19) බොර තෙල් මිල 1%කට වඩා වැඩි ගණනකින් අඩුවී ඇති බවය. ඔපෙක් සාමාජිකයින් පසුගියදා ලෝක වෙළෙඳපොළට බොර තෙල් සැපයුම අඩුකළ අතර ඒ හේතුවෙන් බොර තෙල් මිල වැඩිවිය. නමුත් චීන ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු හේතුවෙන් ලෝක වෙළෙඳපොළ ට…
-
ලොතරැයි මිලත් ඉහළ ට
—
ලබන මාසයේ සිට ලොතරැයිපතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තාවෙයි. නමුත් ලොතරැයි අලෙවිකරුවන්ගේ කොමිස් මුදල ඉහළ නැංවීමට එකඟවී නොමැති බව සමස්ත ලංකා ලොතරයි අලෙවි නියෝජිත සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් බී. එස්. එස්. මාරසිංහ මහතා පැවසුවේ කොමිස් මුදල ඉහළ නොදමන්නේ නම් ජූලි 7 වන දා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත්වන…
-
විමල් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු
—
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) වරෙන්තු නිකුත් කළේය. 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම…