Author: admin
-
චමෝදිගේ අකල් මරණය යළි සිහිකරමින් තවත් රෝගියෙක් මරුට
—
කෑගල්ල මහ රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. රෝහල් අධ්යක්ෂ මිහිරි ප්‍රියංගනී මහත්මිය පැවසුවේ මියගිය පුද්ගලයාට ලබාදී ඇත්තේ පසුගියදා පේරාදෙණිය රෝහලේදී මියගිය චමෝදි සන්දීපනීට ලබාදුන් ඖෂධයම බවය. කෑගල්ල මාකූර ප්‍රදේශයේ පදිංචි අජිත් විජේසිංහ පසුගිය 10 වනදා කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණේ අක්මාවේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙනි. එහිදී ඔහුට…
-
ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
—
ලෝක ප්‍රකට ශ්‍රී ලාංකේය තේ සන්නාමයක් වන ඩිල්මා තේ හි නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අද (ජූලි 20) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 93කි. රටවල් 100ක පමණ අතිශය ජනප්‍රිය තේ සන්නාමයක් ලෙසයි ඩිල්මා තේ සැලකෙයි. 2019 වසරේදී ඩිල්මා තේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධූරයෙන් ඔහු ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුව සඳහා…
-
තිරිඟු පිටි මිල අඩු කළ ද බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි
—
තිරිඟු පිටි මිල අඩු කළ ද බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව බේකරි හිමියන් පවසනවා. පසුගිය දා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කිරීම හේතුවෙන් නැවත මිල සංශෝධන කළ නොහැකි බවයි ඔවුන් පවසන්නේ. ඊයේ සිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමට සෙරන්ඩිබ් සහ ප්‍රීමා යන සමාගම් පියවර ගත්තා. කෙසේවෙතත් තිරිඟු…
-
පේරාදෙණියේ තරුණියගේ මරණයට හේතුව සොයා විශේෂ පරීක්ෂණයක්
—
උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණීය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය 21 හැවිරිදි තරුණියගේ සිරුරු කොටස් විශේෂ පරීක්ෂණයක් සඳහා කොළඹ වෛද්‍ය පරීක්ෂණාගාරය වෙත යොමු කර තිබෙනවා. මෙම තරුණිය ඉකුත් 10 වනදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා. එහිදී ඇයට එන්නත් 02 ක් ලබාදී ඇති අතර පසුව හදිසියේ රෝගාතුර වී මියගිය බවයි පේරාදෙණිය ශික්ෂණ රෝහල පැවසුවේ. අදාළ…
-
දඹුල්ලට ආ තුර්කි තරුණිය ට බස් රථයේදී අතවර
—
මෙරට රැඳීසිටි තුර්කි ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. මගී බස්රථයක ගමන් කරමින් සිටියදී ඇය මෙම අතවරයට ලක්වී ඇති අතර සිද්ධියට සැකපිට යුද හමුදා කෝප්රල්වරයෙකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ මේල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුවය. තුර්කි ජාතික තරුණියන් තිදෙනෙකු සහ පාකිස්තාන ජාතික තරුණයෙක් මහනුවර සිට මගී ප්‍රවාහන…
-
ලබන වසරේ සිට පාසල් විභාග නියමිත කාලයටම
—
ලබන වසරේදී නියමිත කාලයට සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය කාලය තුළ රටේ පැවති අර්බුද තත්ත්වයන් හේතුවෙන් විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනය කිරීමට සිදුවු බවය. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම අදහස්…
-
2023ට මේ වන විට අනතුරු 1126යි: මරණ 1192යි
—
මේ වර්ෂයේ (2023) ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයන් 1192කු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ‘මව්බිම’ට පැවසීය. වසර ආරම්භයේ සිට ජූලි 9 වන දා දක්වා කාලය තුළ පමණක් මෙතරම් පිරිසක් රිය අනතුරුවලින් මියගොස් ඇත්තේ රියැදුරන්ගේ අතින් සිදුවන වැරදි හේතුවෙන් යැයි හෙතෙම කීය. අදාළ කාලය තුළ මාරක රිය…
-
හල්දුම්මුල්ලේ මී හරක් කුලප්පුවකින් පාසැල් සිසුන් පස් දෙනෙකු රෝහලේ
—
හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේදී මී හරක් රංචුවක් කුලප්පු වීමෙන් පාසැල් සිසුන් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වාර්තාකරු පැවසුවේ අද උදෑසන පාසැල වෙත යමින් සිටි බත්ගොඩ විපුලානන්ද දෙමළ මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් එලෙස තුවාල ලබා ඇති බවයි. වයස අවුරුදු 10ත් 11ත් අතර පසුවන සිසුන් 05 දෙනෙකු එම අනතුරට මුහුණ පා තිබෙනවා. පුද්ගලයෙකු විසින් දක්කා ගෙන ආ මී…
-
ඛනිජ තෙල් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ නව කොන්දේසි ගැසට් කෙරේ
—
ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නියෝග නිකුත් කර ඇත්තේ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසිනි. ඒ අනුව බලපත්‍රයක් ප්රදානය කිරීමේදී අමාත්‍යංශ ලේකම්වරයා වෙත බලය පැවරෙන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඛනිජ තෙල් ආනයනය, අපනයනය, මෙරට තුළ විකිණීම, සැපයීම හෝ…
-
දරුඵල ලබන්න කියා බෙහෙත් ගත් කාන්තාව හදිසියේ මියයයි
—
මින්නේරිය පොලිස් වසමේ ගිරිතලේ ප්‍රදේශයේ දී කාන්තාවකට විරේක බෙහෙතක් ලබාදීමෙන් පසු ඇතිවු ක්ලාන්ත තත්ත්වයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කළේ, අදාළ කාන්තාව ජයන්තිපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එලෙස මියගොස් ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 23ක් වූ දියකැපිල්ල, සීගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. තම දුවට දරු ඵල නොමැති වීම හේතුවෙන් මව සහ දියණිය ගිරිතලේ…