Sri Lanka Association of Racing Drivers And Riders (SLARDAR) සහ Asian Motor Racing Club (AMRC) එක්ව ‘Sri Lanka Super Series 2024’ ශූරතාවලිය එළිදක්වයි

‘Sri Lanka Super Series 2024’ ශූරතාවලිය එළිදැක්වීමේ උත්සවය පසුගිය පෙබරවාරි 22 වැනි දින කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටි DIMO 800 හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

Nippon Paints Lanka (PVT) LTD මෙවර ‘Sri Lanka Super Series 2024’ ශූරතාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන අතර Maxxis Tyres, Prima Kottumee, ESDEE Battery, Sri Lanka Insurance General LTD සහ Ozone Mineral Water ඇතුළු ගෞරවනීය හවුල්කරුවන් රැසකගේ සම අනුග්‍රාහක දායකත්වයද මේ වෙනුවෙන් හිමි වී තිබේ. පසුගිය වසරේ පැවැති ‘Sri Lanka Super Series 2023’ ශූරතාවලියෙහි දී Group MX 250cc Motocross යතුරුපැදි ධාවක ළහිරු ජීවන්ත වසරේ දක්ශතම ධාවකයාට හිමි ශූරතාවය දිනාගත් අතර වසරේ  දක්ශතම රියදුරාට හිමි ශූරතාවයෙන් SLGT මොටර් රථ කාණ්ඩයේ රියදුරු උෂාන් පෙරේරා පිදුම් ලැබුවේය. ඉතා සාර්ථකව නිමාවුණු එම වසරේ එකම ජාතික ශූරතාවලිය වූයේ ‘Sri Lanka Super Series 2023’ ය. ඉන් පසුව තවත් අති උද්වේගජනක   ක්‍රියාදාමයන්ගෙන් පිරුණු එහි මීලග ශූරතාවලිය මෙම වසරේදී ද පැවැත්වීම  සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.

2023 වසරේදී SLARDAR විසින් අති නවීන පහසුකම් සහිතව නිර්මාණය කල ගිරිඋල්ල, නල්ල ප්‍රදේශයේ පිහිටි ‘මහමේරුව මෝටර් රථ සහ යතුරුපැදි ධාවන පතය’ විවෘත කිරීමත් සමඟ SLARDAR වෙත ඉතා ඉහළ ප්‍රගතියක් ලැබී ඇත. අන්තර්ජාතික ප්‍රමිතිය සහිත මෝටර් රථ සහ යතුරුපැදි  ධාවන පතයකින් සමන්විත මෙම පරිශ්‍රය නවීන ආපනශාලා, පිහිනුම් තටාකයක්, සම්මන්ත්‍රණ ශාලාවක්, සුවපහසු නවාතැන් පහසුකම්, ATV ධාවන පථයක් සහ 4×4 අභියෝගාත්මක ධාවන පථයක් ඇතුළු පහසුකම් රාශියක් ද ස්ථාපිත කර තිබේ.  SLARDAR හි Nippon Paint Mahameruwa Motorsports Arena ප්‍රමුඛතම ධාවන පතයක් පමණක් නොව, පරීක්ෂණ ධාවන පතයක්, මොටර් රථ රියදුරන් සහ යතුරුපැදි ධාවකයින් පුහුණු කිරීමේ පහසුකම් සහිත මධ්‍යස්ථානයක් මෙන්ම දිවයින පුරා මෝටර් රථ ක්‍රීඩා සංස්කෘතිය ප්‍රවර්ධනය කරන උත්ප්‍රේරකයක් ලෙසද සුවිශාල සේවයක් සිදු කරයි.

මෙම සුවිශේෂී  මොටර් රථ සහ යතුරුපැදි තරග ඉසව් තවදුරටත්  ඉහල නැංවීම අරමුණු කරගනිමින්  SLARDAR විසින් ‘Sri Lanka Super Series 2024’ ශූරතාවලියට සමගාමීව ‘මහමේරුව Rallycross, Single Tree Hill Climb සහ Lake Cross, Cavalry Supercross, මහමේරුව Auto Cross සහ කටුකුරුන්ද Circuit Meet තරගාවලි මේ පිළිබඳ උනන්දුවක් දක්වන සහභාගිවන්නන් සඳහා තරඟ ඇතුලු තරඟ රාශියක්  සංවිධානය කර ඇත. එමෙන්ම  දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත Sri Lanka Super Series 2024 සම්මාන රාත්‍රිය සහ රාත්‍රී භෝජන සංග්‍රහය සමඟින් මෙම ඉසව්ව අවසාන වේ.

මේ සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදෙන Nippon Paints Lanka (pvt) LTD සහ සම අනුග්‍රහක දායකත්වය ලබාදෙන  Maxxis Tyres, Prima Kottumee,  ESDEE Battery, Ozone Mineral Water සහ Sri Lanka Insurance General LTD යන ආයතනයන්ගේ නොමඳ සහයෝගය සමඟ මෙරට මෝටර් රථ ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් 2024 දී අමතක නොවන අපූර්ව සංදර්ශන අත්දැකීමක්  තිළිණ කිරීමට SLARDAR අපේක්ෂා කරයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *