ඇමතිවරු 5ක් ඉල්ලා අස් වෙති

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පෙරේදා (09 දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායකයන් තීරණය කිරීමත් සමග රජයේ ඇමැතිවරුන් පස්දෙනකු සිය ඇමැතිධුරවලින් මේ වන විට ඉල්ලා අස්වී ඇත.

එහිදී මුලින් ම ඉල්ලා අස්වූයේ ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති බන්ධුල ගුණවර්ධන මහතාය. ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් ද ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයට පත්වීමත් සමග ආණ්ඩුවට එක්ව සංචාරක ප්‍රවර්ධන සහ විදේශ රැකියා ඇමැතිධුර දෙක භාරගත් සමගි ජනබල පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරු දෙදෙනා ද සිය ඇමැතිධුරවලින් ඉවත්වූහ. ආයෝජන ප්‍රවර්ධන ඇමැතිධුරය සමග ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ද සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්විය. කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ද සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකාවට ලැබුණු පොහොර නැව නිල වශයෙන් රජයට භාරදීමෙන් පසු සිය ඇමැතිධුරයෙන් ඉවත්වන බව ඒ මහතා පවසයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *