වැට් වලින් නිදහස් වෙළෙඳ සැල් ජාලයක්

වැට් බදු අය කිරීමකින් තොර පාරිභෝගික භාණ්ඩ අලෙවි කිරීම සඳහා VAT FREE SHOP නම් වෙළෙඳසැල් ජාලයක් රට පුරා ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අද (21) කඩුවෙල ප්‍රදේශයේ පැවති වැඩසටහන් මාලාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

ඔහු පැවසූවේ සිය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ව්‍යාපාර පරිශ්‍ර පවත්වාගෙන යා හැකි ස්ථාන රාශියක්‌ පවතින බැවින්, ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමෙන් අනතුරුව අදාළ පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *