ජනපති උගන්ඩාවට

ස්විට්සර්ලන්තයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගී වීම සඳහා උගන්ඩාවට පිටත්ව යාමට නියමිතයි.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සමුළුවට හා G77 සහ චීනය, තෙවන දකුණු සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරතව වන බවයි.

උගන්ඩා ජනාධිපති යොවේරි මුසෙවිනි මහතාගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වෙයි.

“හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාවෙන් නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සමුළුව හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ උගන්ඩාවේ කම්පාලා නුවර දී පැවැත්වීමට නියමිතය.

‘G77 සහ චීනය’ තෙවැනි දකුණු සමුළුව 21 සහ 22 යන දිනවලදී පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළු ද්විත්වයම ඇමතීමට නියමිත අතර සංචාරය අතරතුර අප්‍රිකානු කලාපීය රටවල නායකයින් සහ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *