කොළඹ වායු දුෂණය තවත් ඉහළට

මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයයේ වායු තත්ත්ව දර්ශකයේ දත්ත අනුව කොළඹ නගරයේ වායු දූෂණ තත්ත්වය ඊයේ (17) පෙරවරුවේදී බරපතළ ලෙස ඉහළ ගොස් තිබිණි. 

එම දර්ශකයට අනුව, ඊයේ පෙරවරුවේදී කොළඹ නගරයේ කොල්ලුපිටිය ප්‍රදේශ ආශ්‍රිත වාතයේ දූවිලි අංශු ප්‍රමාණය (Pm 2.5) 163 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

 කොළඹ 07 ප්‍රදේශය ආශ්‍රිතව එම අගය 141 ක් ලෙස වාර්තාවී තිබිණි. නමුත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දත්ත අනුව කොළඹ නගරයේ එම අගය 78 ක් ලෙසද වාර්තා කර තිබිණි. 

එමෙන්ම, බදුල්ල, කුරුණෑගල, මහනුවර යන නගර ආශ්‍රිතවද වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රතිශතය ඉහළ ගොස් තිබිණි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *