ප්ලාස්ටික් බෝතල් වල වතුර බීම අතිශය භයානකයි.. හේතුව මෙන්න

බෝතල් කළ ජලය පානය කිරීම ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර බව කොළොම්බියා සරසවියේ විද්‍යාඥයන් පිරිසක් සිදුකල පරීක්ෂණයක් මඟින් හෙළි කර ගෙන තිබෙනවා.

ඔවුන් පවසන්නේ ලීටරයේ ප්ලාස්ටික් වතුර බෝතලයක නැනෝ ප්ලාස්ටික් පිළිකාකාරක අංශු 240,000ක් අඩංගු බවයි.

ප්ලාස්ටික් බෝතලයක අඩංගු ජල ලීටරයක නැනෝ ප්ලාස්ටික් අංශු 110,000 සිට 400,000 දක්වා පවතින අතර එහි ඇතුලත් විෂ අංශු ප්‍රමාණය 240,000ක් බව අනාවරණය වී තිබෙනවා.

ප්ලාස්ටික් බෝතලයකින් ජලය පානය කිරීමෙන් සිරුරට අහිතකර කුඩා පිළිකාකාරක අංශු ඇතුලත් වන බව එම විද්‍යාඥයන් පිරිස පැවසුවා.

නැනෝ ප්ලාස්ටික් අංශු ඉතා ඉක්මනින් සිරුර වෙත ඇතුළුවීමේ හැකියාවක් පවතින අතර එය ඉතා විෂ රසායනික ප්‍රභේදයක් බව ඔවුන් සඳහන් කරනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *