ලිට්‍රෝ ගෑස් මිල පහළට; නව මිල ගණන් මෙන්න

ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබේ.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 204කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 2,982ක් දක්වා පහළ ගොස් ඇත.

කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 83කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 1,198කි.

කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 37කින් පහළ දමා ඇති අතරඑහි නව මිල රු. 561ක් දක්වා පහළ ගොස් තිබේ.

මෙම වසරේ මේ දක්වා අවස්ථා 5කදී ගෑස් මිල සංශෝධනය කළ අතර ඉන් එක් අවස්ථාවකදී හැර අනෙක් සියලු අවස්ථාවල මිල පහත දැමීම සිදු විය.

අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදු වූයේ, ඉකුත් මාසයේදී ය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *