මව් සෙනෙහසට නිගා කළ මවක්

වයස අවුරුදු 9ක ගැහැනු දරුවෙක් සහ 13 හැවිරිදි මානසික ආබාධයකින් පෙළෙන පිරිමි දරුවෙක්ට වධහිංසා කළ මවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (17) ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මුලස්ථානයට ලද පැමිණිල්ලක් මත එම කාන්තාව අත්අඩංගුවට ගත් බවය.

පෑලියගොඩ පොලීසිය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වනවාසල පාර, තොරණ හන්දිය, කැලණිය යන ලිපිනයේ තාවකාලික කුලී පදනම මත නිවසක රැඳී සිටි එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව අවුරුදු 26ක් වූ අයෙකි.

සැකකාර මව රැකියාවට ගොස් රාත්‍රියේ නිවසට පැමිණෙන තෙක් එම දරුවන් දෙදෙනා ඉතා අනාරක්ෂිත ලෙස කාමරයක රඳවා තබා යන බවත් එතෙක් දරුවන්ගේ අධ්‍යාපනය හෝ පෝෂණය සම්බන්ධයෙන් සොයා නොබලා දරුවන්ව කෘෘරත්වයට පත්කිරීම හේතුවෙන් අදාළ මව අත්අඩංගුවට ගෙන තිබේ.

දරුවන් දෙදෙනා මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකාර මව අද අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *