රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවය’ අසූර් එයාර් ලංකාව වෙත ගුවන් ගමන් අරඹයි

“රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවය” වන අසූර් එයාර් ගුවන් යානයක් අද (නොවැ. 3) උදෑසන මෙරටට පැමිණ තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් ආරම්භ කරමින් අසූර් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.

අද පෙරවරු 9.45ට මෙම යානය මගීන් 335 දෙනෙකු සමග ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ රුසියාවේ මොස්කව් නුවර සිට ය.

අද සිට ශ්‍රී ලංකාව වෙත සිය සේවා දියත් කරන රුසියාවේ අසූර් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානා සේන්ට් පීටර්ස්බර්ග්, ක්‍රස්නයාස්ක්, නොවෝසර්බියක් සිට දින 10කට වරක් දිවයිනට පැමිණීමට නියමිත ය.

එමෙන් ම මොස්කව් සිට සතියකට දින දෙකක් අසූර් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවක් ද පැමිණීමට නියමිත ය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *