විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවූ හේතුව ඇමති හෙළිකරයි

මෙරටට ආනයනය කරන ලද බොරතෙල්වල ප්‍රමිතිය පිළිබඳ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විසින් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නෛතිමය වශයෙන් ප්‍රතිචාර දක්වනු ඇති බවට විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එමෙන්ම ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඩීසල් සහ ඉන්ධන තෙල් තොග පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.

ලක්ෂපාන විදුලි බලාගාරයේ ඇතිවූ  බිඳවැටීම, ඩීසල් සහ දැවී තෙල් සපයා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය සතුව ප්‍රමාණවත් මුදල් නොමැතිකම සහ ජල විදුලිය නිසිලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකිවීම යන කරුණු හේතුවෙන් සිදුකළ ඉල්ලීම මත විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට ඉල්ලා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *