“ගෝඨාට එන්න වාතාවරණය හොඳ නෑ”

රටේ දැනට පවතින දේශපාලන වාතාවරණය තුළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණීම එතරම් සුදුසු නැතැයි ආරක්ෂක අංශ ආණ්ඩුවට දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ ප්‍රධානියකුගෙන් ‘මව්බිම’ කළ විමසුමකදී පැවැසුවේ එවැනි තොරතුරු ලැබී තිබෙන බව ය.

දැනට සිංගප්පූරුවේ සිටින ගෝඨාභය රාජපක්ෂට එරට රැඳී සිටීමට වීසා ලැබී තිබෙන්නේ මේ මස 11 වන දා දක්වා බැවින් ඊට පෙර හෝ එදින ආපසු ශ්‍රී ලංකාවට පැමිණේ දැයි ඇසූ විට කීවේ මේ පිළිබඳව තමාට නිශ්චිත පිළිතුරක් දීමට නොහැකි බව ය.

කෙසේ වෙතත්, නියමිත වීසා කාලයට වඩා සිංගප්පූරුවේ රඳවා ගැනීම ද ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් එරට ද මතු වී තිබෙන බව ඒ සම්බන්ධයෙන් සිංගප්පූරු රජය දැනුම් දී තිබෙන බවට තමාට තොරතුරු ලැබී ඇතැයි එම ඉදිරිපෙළ ප්‍රධානියා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීම එතරම් සුදුසු නැතැයි ජනාධිපතිවරයා විදේශ මාධ්‍යයට ප්‍රකාශයක් ද කර තිබිණි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *