අසනීප නිවාඩු දීමනාව ලබා ගැනීමේදී ‘‘උපයන විට බද්දට‘‘ යටත් වීමට සිදුවීම නිසා වරාය සේවකයෝ මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
වරාය සේවකයින්ට දින 21 අසනීප නිවාඩු හිමි කමක් ඇත. නමුත් වරාය සේවකයින් මෙකී නිවාඩු ලබා නොගෙන ඒ වෙනුවෙන් පිරිනමන දීමනාව ලබා ගැනීමට හුරු වී ඇත. මේ සඳහා ලැබෙන දීමනාව පඩිය හා සමාන බව පැවසේ.
රුපියල් ලක්ෂයට වඩා මාසික වැටුපක් ලබා ගන්නා සේවකයින් උපයන විට බද්දට යටත් වන බැවින් අසනීප නිවාඩු දීමනාව ලබා ගැනීමේදී වරාය සේවකයින්ටද මෙකී බද්ද ගෙවීමට සිදු වී ඇත.
Leave a Reply