මලයාලම් සුරංගනාවිය සායි පල්ලවී රූගත කිරීමක් සඳහා ලංකාවට ?

ගීතු මොහාන්දාස් විසින් අධ්‍යක්ෂණය කරන ලද යාෂ්ගේ   “Toxic” අති දැවැන්ත සිනමා පටයේ කොටස් කීපයක රූගතකිරීම් සඳහා ඉදිරි දින කීපය ඇතුළත එම චිත්‍රපටියේ නිශ්පාදන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිතය.

Toxic හි ප්‍රධාන චරිත ලෙස යාෂ් සමග ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් ආදරය කරන මලයාලම් නිළියක් වන සායි පල්ලවී  පැමිණීමට ඉඩ ඇති බව පැවසේ.එමෙන්ම ඉන්දීය මාධ්‍ය පවසන පරිදි Toxic සිනමා පඨය සඳහා කරීනා කපූර්ද යෝජනා වී තිබේ.

මෙහි ශ්‍රී ලංකාවේ රූගතකිරීම් සම්බන්ධීකරණ කටයුතු කරනු ලබන්නේ ප්‍රවීණ නිෂ්පාදන කළමනාකරුවෙකු  විසිනි.මැයි, ජුනි මාස දෙක තුළ රූගතකිරීම් සැළසුම් කර ඇති අතර දැනටමත් එහි පෙර නිශ්පාදන කටයුතු ආරම්භ කර ඇතිබව ශ්‍රී ලංකා නිශ්පාදන කළමණාකරු Prime News  වෙත පැවසීය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *