උණුසුම ගැන අවවාදයක්

පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

වයඹ පළාත සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට, මොණරාගල යන දිස්ත්‍රික්කවල අද (22) දිනයේ උණුසුම් දර්ශකය ඉහළ අගයක් ගනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා..

මේ අතර, පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සමඟ ළමුන් අතර සමේ රෝග වර්ධනය වීමක් දක්නට ලැබෙන බවත්, දරුවන් හිරු එළියට නිරාවරණය කිරීම සීමා කළ යුතු බවත් වෛද්‍යවරුන් පවසනවා.