යුක්තිය මෙහෙයුම පටන් අරන් අදට දින 50 යි..දිවයින පුරා අපරාධකරුවන් 56,541ක් අල්ලයි

යුක්තිය මෙහෙයුම යටතේ 2023.12.17 වන දින සිට දින 50 ක කාලයක් දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 49,558 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 6,983 ක් සමගින් මුළු සැකකරුවන් 56,541 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 142kg 541g
අයිස් 208 kg 290 g
කොකේන් 974 g 605 mg
අබිං 49 kg 200 g
හෂීස් 07 kg 210 g
ඈෂ් 36 kg 800 g
ගංජා 2678 kg 910 g
ගංජා පැල 4,347,787
මාවා 162 kg 251 g
තූල් 07 kg 123 g
කුෂ් 02 kg 040 g
මදන මෝදක 19kg 906g
මත්පෙති 360,821 ක්

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 49,558 දෙනා අතරින් සැකකරුවන් 1,817 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 1,981 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.

නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 234 ක් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 3,083 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍ය වල වෙළදපල වටිනාකම මිලියන 7,733 කට ආසන්න වන අතර, තහනමට ගත් දේපල වල වෙළදපල වටිනාකම මිලියන 726 කට ආසන්න බව අනාවරණය වී ඇත

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 6,983 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 1,117ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 5,286 ක්ද සිටි

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 262 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 318 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *