තායිලන්ත අගමැති ශ්‍රී ලංකා නිල සංචාරයක

තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් අද උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ඒ දෙදින නිල සංචාරයක් සඳහායි.

හෙට පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එක් වීමට නියමිත අතර ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට හා ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය හා තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට ද නියමිතයි.