දයා රත්නායක දිලිත් ගේ මව්බිම ජනතා පක්ෂයට ?

පසුගිය දා සමගි ජන බලවේගයට එක් වූ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක අද මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජෙනරාල් දයා රත්නායක සජබ ට එකතුවීම පිළිබඳව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (31) මාධ්‍ය හමුවක් කැඳවමින් අකමැත්ත ප්‍රකාශ කර ජෙනරාල් දයා රත්නායක ව දැඩි ලෙස විවේචනය කර තිබුණි.

ජෙනරාල් දයා රත්නායක අද මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සමග සාකච්ඡාවක් පවත්වා ඇත්තේ එම විවේචනය ගැන කලකිරීමට පත්වීමෙන් බව ආරංචි මාර්ග ප්‍රකාශ කරයි


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *