සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් එල්. කේ. ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තුවට තෝරා පත්කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ ප්‍රකාශයට පත්කර ඇති අතර, පාර්ලිමේන්තු මහලේකම් වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ බව දැනුම් දී ඇත.

ජගත් ප්‍රියංකර මහතා විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *