බැංකු ණය පොලිය ගැන මහ බැංකු අධිපති කතා කරයි

බැංකු ණය පොලී අනුපාතය තවදුරටත් අඩු විය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අද (23) මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

“දත්ත බැලුවාම අඩුකරලා තියෙනවා. අපි බලාපොරොත්තු වන ප්‍රමාණයට අඩුකරලා නෑ කියන එක තමයි අපි කියන්නේ. අඩු කරලා නෑ කියන එක අපි බැලුවාම බැංකුවලින් විශේෂයෙන් අපි ML ඕඩරයක් දැම්මහම මාසෙන් මාසෙට ඉලක්ක ළඟා වුණාද කියලා, හැම බැංකුවෙන්ම දත්ත ගෙන්වා ගන්නවා. එතකොට ඒ දත්ත අනුව ඒ තියෙන ඉලක්කයටම සියලුම බැංකු ඇවිල්ලා නැහැ. සමහර බැංකු කිහිපයක් තියෙනවා ඇවිත් නැතුව. ඒ අයට අපි දැනුම්දීලා තියෙනවා. පැහැදිලි කිරීම් කැඳවලා තියෙනවා. ඒ අනුව යම් යම් හේතු දක්වලා තියෙනවා. ඒත් අපි කියන්නේ තවදුරටත් මේක අඩුවෙන්න ඕනේ කියන මතයේ අපි ඉන්නවා. එතකොට ඒක අලුතින් ගන්න අයටත්, ඒ එක්කම බැංකු ණය තියෙන අයගෙත් පොලී අනුපාතය අඩුවෙන්න ඕනේ.

යනුවෙන් මහ බැංකු අධිපතිවරයා තව දුරටත් පවසා සිටියේය .


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *