ඉල්ලා අස්වන සේවකයින් ගැන ඇමැතිගෙන් ප්‍රකාශයක්

ඕනෑම පුද්ගලයෙකුගේ ඉල්ලා අස්වීම් පැකිලීමකින් තොරව පිළිගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට තමන් උපදෙස් දී තිබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. 

ඒ තම X සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින්. 

එමෙන්ම ආයතනයේ ප්‍රතිසංස්කරණවලට අදාළ කටයුතු කඩිනම් කරන ලෙස ලංවිම කළමනාකාරීත්වයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. 

ලංවිම ප්‍රතිසංස්කරණ, පිරිවැය අඩු කිරීමේ යාන්ත්‍රණ, ජනන සැලැස්මේ හදුනාගත් බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් ගෙවීම් වේදිකාව පුළුල් කිරීම සහ ගෙවීම් එකතු කිරීම් බාහිරින් ලබා ගැනීම සහ ලංවිම සේවාවන්ට බාධා කරන පුද්ගලයින්ට එරෙහිව විනය හා නීතිමය පියවරයන් සම්බන්ධ කටයුතු කඩිනම් කරන ලෙසද අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 

ලංවිම සේවකයින් 5,000කට ආසන්න පිරිසක් එකවර ඉල්ලා අස්වීමට සූදානම් වන බවට පළ වූ පුවත් වාර්තා පදනම් කර ගනිමින් මෙම නව නියෝග නිකුත් කර තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *