VAT අය කිරීමේ වාර්ෂික පිරිවැටුප් සීමාව ළඟදීම පහළට

එකතු කළ අගය මත පනවනු ලබන බද්ද (VAT) හරහා අය කිරීමට අපේක්ෂිත රුපියල් මිලියන 80ක වාර්ෂික පිරිවැටුප් සීමාව රුපියල් මිලියන 60 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

”තමන්ගේ ව්‍යාපාරයේ හෝ නිෂ්පාදන ආයතනයේ රුපියල් දස ලක්ෂ අසූවකට වැඩිය වාර්ෂික පිරිවැටුපක් තියෙනවා නම් ඔහු අනිවාර්යයෙන් ලියාපදිංචි විය යුතු යි. වාර්ෂිකව මිලියන 80 කියන එක අපි දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා පනතක් මිලියන 60 දක්වා පහත දැමීමට ඒක පාර්ලිමේන්තුවේ සම්මත වුණායින් පස්සේ වාර්ෂිකව මිලියන 60කට වැඩි පිරිවැටුපක් තියෙන හැම කෙනෙකු ම වැට්වලට අයිති නම් ලියාපදිංචි විය යුතු යි, වැට් බදු ගෙවන්නෙන් හැටියට.” යනුවෙන් අමාත්‍යවරයා පවසා සිටියේය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *