නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අදාළව පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ලබාගැනීම එළඹෙන ජුනි මාසය තුළ සිදුකිරීමට නියමිතය.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඒ බව පවසයි.
අද (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක්දී ඔහු මේ බව අනාවරණය කළේය.
“නව විද්‍යුත් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීමට අදාළව මූලික කටයුතු අපි සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙනවා. මේ වෙන කොට ඒ අදාළ යටිතල පහසුකම් සකස් කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා ජූනි මාසය ඇතුළත පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත, ඇඟිලි සළකුණු සහ Facial recognition වලට අදාළ දත්ත එකතු කරන්න, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඒ කටයුතු ආරම්භ කරන්න ජූනි මාසය තුළ.”
Leave a Reply