ජනවාරි මුල් දින 15 ට සංචාරකයින් ලක්ෂයක් දිවයිනට

2024 පළමු දින 15 තුළදි මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවා තිබේ.

ඒ අනුව 2024 වසරේ ජනවාරි 15 දක්වා කාලපරිච්දෙය තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 101,362 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක් සඳහන් කරයි.

මෙම වකවානුව තුළ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති දිනය ලෙසින් පසුගිය ජනවාරි 15 වන දා වාර්තා වන අතර, එම සංඛ්‍යාව 8,541 කි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *