ක්‍රිස්ටලීනා ජොර්ජීවා සහ ජනපති අතර හමුවක්

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජොර්ජීවා මහත්මිය අතර හමුවක් සිදු ව තිබේ.

ඇය ඒ සම්බන්ධයෙන් තොරතුරු සිය X ගිණුමෙහි සඳහන් කර තිබුණාය​.

එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල ලැබෙමින් ඇති බවයි.

එසේම​, විස්තීර්ණ ණය අරමුදල ට අදාළ පළමු සමාලෝචනය ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේ එම ප්‍රතිසංස්කරණවල වැදගත්කමට ප්‍රතිචාර වශයෙන් බව ඇය සඳහන් කර තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *