වාහන ආනයනයට නව ගැසට් පත‍්‍රයක්

රජයට අත්‍යවශ්‍ය වාහන කිහිපයක් ආනයනය කිරීම සඳහා ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇත.

මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පැවසුවේ ඒ හරහා පොදුවේ වාහන ආනයනය කිරීමක් සිදු කළ නොහැකි බවයි.

රජයේ ආයතන කිහිපයක අත්‍යවශ්‍ය කටයුතු සඳහා වාහන කිහිපයක් පමණක් ගෙන ඒමට මෙම ගැසට් පත්‍රය නිකුත් කළ බව ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා,

“පොදුවේ වාහන ගෙන ඒමට නෙමෙයි ගැසට් එක ගැහුවේ. රජයේ ආයතන කිහිපයක අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් සඳහා වාහන කිහිපයක් ගෙන එන්න. ඒ වගේම විදේශ ආධාරවලින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා ඒ විදේශ ආධාරවලින්ම ලැබෙන මුදල්වලින් තමයි ගෙන එන්නේ. උදාහරණයක් ගත්තොත් අධ්‍යාපන අමාත්‍යාංශයට බස් රථ දෙකක්, විදේශ ව්‍යාපෘති යටතේ ලැබෙන. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයට ඩබල් කැබ් රථ 21ක්, ඒ වගේම ජංගම මාතෘ සායන සඳහා භාවිත කරන වාහන 03ක්, කම්කරු අමාත්‍යාංශය සඳහා එක වාහනයක්.”

“ඊට අමතරව ශ්‍රීලන්කන් ගුවන් සේවයට ගුවන් මගීන්ට ගුවන් යානයෙන් බහින්න අවශ්‍ය වන වාහන 03ක් එපමණයි. රජයේ ආයතනවලට අත්‍යවශ්‍ය දේවල්. ශ්‍රීලන්කන් ගුවන්සේවයේ හැරෙන්නට අනෙකුත් සියලුම වාහන විදේශ ව්‍යාපෘති මගින් ක්‍රියාත්මක වන වැඩසටහන් සඳහා ඒ විදේශ ආධාර මගින් ලැබෙන මුදල් යොදවලා තමයි අරගෙන තියෙන්නේ.”


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *