හෙට පොහොට්ටුවේ විශේෂ රැස්වීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ රැස්වීමක් හෙට (ජන. 14) ඉරිදා පෙරවරුවේ සිට කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී පැවැත්වීමට නියමිත ය.

මේ සඳහා පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අමෙරිකාවේ සිට සූම් ඔස්සේ සහභාගි වීමට නියමිත අතර එහිදී පක්ෂයේ ප්‍රධාන තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව ද දැනගන්නට තිබේ.

ඉදිරි මැතිවරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති අතර ජනාධිපතිවරණය සහ සෙසු මැතිවරණ පිළිබඳව පක්ෂය ගන්නා මූලික තීන්දු තීරණ ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත ය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *