TIN ගන්න දවසට 25,000ක් අයදුම්පත්

බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගැනීම සඳහා දිනකට පුද්ගලයන් 25,000ක් පමණ ලියාපදිංචි වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ අනුව, සතියකට පුද්ගලයන් ලක්ෂයක් හෝ ඊට ආසන්න පිරිසක් ලියාපදිංචිය ලබා ගන්නවා.
ටින් අංකය ලබා ගැනීම සඳහා වැඩි වශයෙන් ලියාපදිංචි වන්නේ මාර්ගගත (online) ක්‍රමය හරහා බවත්, මීට අමතරව බොහෝ දෙනකු දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලවලටද පැමිණ අදාළ අයැදුම්පත් පුරවා බාරදෙන බවත් සඳහන්.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *