යාල වසා දැමේ

යාල වනෝද්‍යානය පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව වසා දමන බව එහි උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා පවසනවා.

යාල වනෝද්‍යානයේ සංචාරකයින් ගමන් කරන උද්‍යාන භූමියෙන් 75%ක පමණ ප්‍රදේශයක් ජලයෙන් යටවීම හා සෆාරි ජීප් රථ ගමන් ගන්නා මාර්ග ද ජලයෙන් යටවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව උද්‍යානය වසා තැබීමට තීරණය කළ බව ඔහු සඳහන් කරනවා.

උද්‍යානයට ඇතුළු වන පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව ප්‍රදේශය ද ජලයෙන් යටවී ඇති අතර උද්‍යානයේ ඇති සංචාරක නිවාසවල සිටි සියලු ම සංචාරකයන් සහ කාර්ය මණ්ඩලය ද එම ස්ථානවලින් ඉවත් කළ බවයි ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ .

තිස්සමහාරාම ප්‍රදේශයෙන් යාල උද්‍යානයට ඇතුළු වන පිවිසුම් දෙක ද ජලයෙන් යටවී ඇති අතර උද්‍යානයේ ඇති සියලු ම වැව් හා මැණික් ගඟ ද පිටාර ගැලීම හේතුවෙන් උද්‍යානය ජලයෙන් යටවී තිබෙනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *