සජබ කළු අඳියි

අද පෙරවරුවේ නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වූ අතර ඒ සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු කළු පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියේය.

රජය විසින් සියයට 18ක් දක්වා වැට් බදු ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළකිරීම සඳහා මෙලෙස සජබ මන්ත්‍රීවරු කළු පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණ ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *