නව වසරේ පළමු පාර්ලිමේන්තුව අද

2024 වසරේ පළමු පාර්ලිමේන්තු සැසි වාරය අද ආරම්භ වෙයි.

ඒ අනුව අද සිට ලබන 12 වනදා දක්වා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තු සැසි වාර පැවැත්වීමට නියමිතය.

අද පෙරවරු9.30 සිට පැයක කාලයක් වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප්‍රශ්න සඳහා වෙන් කෙරෙන අතර ඉන් අනතුරුව ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීම හා ජාතික ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පත දෙවනි වර කියවීම සිදු වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

එමෙන්ම තවත් පනත් කෙටුම්පත් කිහිපයක් අද න්‍යාය පත්‍රයට ඇතුලත් කොට තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *