ඇමැතියි සභාපතියි එකතුවෙලා සතොස ට කරපු දේ මෙන්න

ලංකා සතොස ආයතනය වසර 10 කට පසුව 2023 වසර සඳහා රුපියල් මිලියන 200 කට අධික ලාභයක් ලබා ඇතිබව ලංකා සතොස අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු  මහතා අමාත්‍යාංශය භාරගත් අවස්ථාවේදී ලංකා සතොස ආයතනය   පාඩු ලබන ආයතනයක් ලෙස පැවතුනි. පසුගිය අසීරුම සමයේ අමාත්‍යවරයා විසින් ලංකා සතොස සභාපති වරයා ලෙස පසඳ යාපා අබේවර්ධන මහතා පත්කර ලංකා සතොස ලාභ ලබන ආයතනයක් කිරීමේ අභියෝගය ඔහු වෙත පවරන ලදී.නලීන් ප්‍රනාන්දු අමාත්‍ය වරයාද ලංකා සතොස හිටපු සභාපතිවරයෙකි. ඔහුගේ කාලසීමාවේදී ද ලංකා සතොස ලාභ ලබන ආයතනයක් ලෙස පත් කළ පලපුරුදු අමාත්‍යවරයෙකි .එයින් වසර 10  පසුව  2023 වසරේ ලංකා සතොස මෙහෙයුම් ලාභය ලෙස ලක්ෂ දොලොස් දහසක් ( බිලියන 1.2 )  වාර්ථා වෙයි.පසුගිය දශකය තුළ දිගින් දිගටම පාඩු ලබද්දී ලබා ගත් ණය සඳහා ගෙවිය යුතු පොළිය රුපියල් බිලියනයක් බව වාර්ථා වෙයි.මෙම සියළු ණය,පොළී,බදු ගෙවීමෙන් අනතුරුව 2023 වසර සඳහා රුපියල් මිලියන 200 ක වාර්ථාගත ලාභය ලබා ඇත. 2024 නව වර්ෂය සඳහා ලංකා සතොස සේවකයින් සඳහා දිරි දීමනාවක් ලෙස රු 5000 ක මුදලක්ද ,රුපියල් පන්දහසක් වටිනා භාන්ඩ වව්චර් පතක්ද ලබා දීමට ලංකා සතොස අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කර ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *